27 C
Colombo
Saturday, June 10, 2023

රජයක් ලෙස ඉන්ධන මිල වැඩි කළා – ඒත් පක්ෂයක් විදිහට ඒකට විරුද්ධයි

- Advertisement -

ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළේ වෙනත් කිසිදු විකල්පයක් නොමැති නිසා බවත් එය රජයක් ලෙස ඉතා අකමැත්තෙන් ගත් තීන්දුවක් බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසනවා.

කෙසේ නමුත්, ඉන්ධන මිල ඉහළ දැමීමට පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අකමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඊයේ (18) මහනුවරදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කරන ලදි.

ඉන්ධන මිල ඉහළ දැමීම සමස්ත ආණ්ඩුවේම තීරණයක් බැවින් ඒ සඳහා බලශක්ති අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිළ මහතා පමණක් වගකිව යුතු නැති බවත්, ඒ නිසා ඔහු අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් අමුණුගම මහතා පෙන්වා දෙනවා.

ඉන්ධන මිල ඉහළ දැමීම හරහා උදය ගම්මන්පිළ අමාත්‍යවරයා ජනතාවගේ විස්වාසය කඩ කර ඇති බව පවසමින් සමගි ජන බලවේගය අමාත්‍යවරයාට එරෙහිව විස්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටින අතර මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසුමට පිළිතුරු දෙමින් දිළුම් අමුණුගම මහතා සඳහන් කළේ එය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන යෝජනාවක් ලෙස සලකා පරාජය කිරීමට කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.