28.2 C
Colombo
Saturday, April 27, 2024

ශ්‍රී ලාංකිකයන් ජීවත් කරවීමට තමිල්නාඩුවෙන් ආධාර – මහින්දත් ස්තූතිය පල කරයි

- Advertisement -

බරපතල ආර්ථික අර්බුදයක ග්‍රහණයට ලක්ව සිටින ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීමට මුලපිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, තමිල්නාඩු මහ ඇමැති එම්.කේ. ස්ටාලින්ට සිය ස්තූතිය පළ කර ඇතැයිි ද හින්දු පුවත්පත වාර්තා කරනවා.
මැයි 4 දිනැති ස්ටාලින් මහතා වෙත යවන ලද ලිපියක් මගින් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ ආහාර, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ජීවිතාරක්ෂක ඖෂධ යැවීමට යෝජනාවක් සම්මත කිරීමෙන් ප්‍රධාන අමාත්‍යවරයාගේ “යහපත් චේතනාව” පෙන්නුම් කරන බවයි.
“ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදය, වෙනත් රටක ගැටලුවක් ලෙස සලකනවාට වඩා මානුෂීය දෘෂ්ටිකෝණයකින් ඒ දෙස බැලීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් මම ඔබට සහ තමිල්නාඩු රජයට ස්තූතිවන්ත වෙනවා,” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවාසීන්ට ආහාර වැනි අත් අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලින් ආධාර කිරීම සඳහා හැකි පමණින් අරමුදල් සපයන ලෙස ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය කේ ස්ටාලින් මහතා පසුගියදා තමිල්නාඩු වැසියන් ගෙන් ඉල්ලීමක් කළා.
තමිල්නාඩු DMK පක්ෂයේ සභාපතිවරයා ද වන ස්ටාලින් මහතා පවසා ඇත්තේ සිය පක්ෂය මගින් ද ඉන්දීය රුපියල් කෝටියක මුදලක් ද ශ්‍රී ලංකාව වෙත ප්‍රදානයක් ලෙස ලබාදෙන බවයි.
පළමු අදියරේ කොටසක් ලෙස සහල් ටොන් 40,000 ක්, කිරිපිටි ටොන් 500 ක් සහ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු මානුෂීය ආධාර යැවීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල සදහන්.
අපට හැකිතාක් දුරට අවශ්‍යතා ඇති අයට උපකාර කිරීමට කාලය මෙයයි. ශ්‍රී ලංකාවේ ජනතාවට මානුෂීය ආධාර සඳහා ඔබගේ දායකත්වය ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා, ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි බව ඉන්දීය මාධ්‍ය රැසක්ම වාර්තා කර තිබුණා.
ලැබෙන පරිත්‍යාගවලින් ආහාර වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගන්නා බවත් ඒවා ශ්‍රී ලංකාවට එවන බවත් ප්‍රධාන ඇමැතිවරයා දැනුම් දුන්නා.
ශ්‍රී ලංකාවට ආධාර ලබාදීම සඳහා තමිල්නාඩු ප්‍රාන්ත රජය ඉන්දීය මාධ්‍යම රජයේ අනුමැතියද ඉල්ලා සිටි අතර පසුගිය දා ඒ සදහා ඉන්දීය මධ්‍යම රජයේ අනුමැතිය හිමි වුණා.
ඒ තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය එම්. කේ. ස්ටාලින් විසින් මීට අදාළව පසුගියදා ඉදිරිපත් කරන ලද යෝජනාව ප්‍රාන්ත රජය තුළ ඒකමතිකව සම්මත වීමෙන් අනතුරුවයි.
පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට තමිල්නාඩු පරිපාලනයට අවසර දෙන ලෙස ඉල්ලමින් මධ්‍යම රජයෙන් පසුගිය සිකුරාදා ප්‍රාන්ත මහ ඇමති ස්ටාලින් විසින් අදාල යෝජනාව රාජ්‍ය සභාවට ඉදිරිපත් කළා.
එම යෝජනාවට පක්ෂ සීමාවන් ඉක්මවා අනුකම්පාවෙන් හා ඒකමතිකව සහය දක්වන ලෙස ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියා.
ඒ අනුව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා පැවසුවේ ඉන්දීය මධ්‍යම රජය ශ්‍රී ලංකාවට සපයන සහයට අමතරව තමිල්නාඩු ප්‍රාන්ත රජයටද ශ්‍රී ලංකාවට සහය ලබා දිය හැකි බවයි.
තමිල්නාඩුවේ ඉල්ලීම මත කොළඹ ඉන්දීය දූත පිරිසෙන් උපදෙස් ලබා ගත් බව ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් මහතා විසින් මහ ඇමති ස්ටාලින් වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකා රජයේ කැමැත්ත මත එම අධාර බෙදාහැරීය හැකි බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
එම් කේ ස්ටාලින් ප්‍රමුඛ තමිල්නාඩු ආන්ඩුව ඊයේ (මැයි 05) නිවේදනය කළේ පාලක ඩීඑම්කේ පක්ෂයේ මන්ත්‍රීවරුන් තම මාසයක වැටුප ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික අර්බුදයට සහන සැලසීම සඳහා, මහ ඇමති අරමුදලට බැර කරන බවයි.
“ඩීඑම්කේ හි ලෝක් සභා සහ රාජ්‍ය සභා මන්ත්‍රීවරුන් තම මාසයක වැටුප මහ ඇමතිගේ මහජන සහන අරමුදලට පරිත්‍යාග කරනු ඇත” යනුවෙන් පක්‍ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය සහ ඩීඑම්කේ සභාපති එම් කේ ස්ටාලින් විසින් ශ්‍රී ලාංකිකයන්ට ආධාර කිරීම සඳහා පරිත්‍යාග ලබා දෙන ලෙස කරන ලද ආයාචනයකින් පසුව පක්ෂ මන්ත්‍රීවරු මෙම තීරණයට එළැඹ තිබෙනවා.
කෙසේ වෙතත් තමිල්නාඩු ප්‍රාන්ත රජය අවධාරණය කර ඇත්තේ මෙම මානුෂීය ආධාර තමන් විසින් ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පරිපාලනයට නොවන බවයි.
රාජපක්ෂ පරිපාලනය පිළිබඳ ශ්‍රී ලංකාවේ ජනතාව තුල පවතින විරෝධය ඔවුන් මීට හේතු ලෙස දක්වා තිබෙනවා.
ඒ අනුව ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත රජය අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාව තුල පවතින බැරෑරුම් ආර්ථික තත්ත්වය මත එදා වේල හෝ සොයාගත නොහැකිව , දුක්විදින ලංකික ජනතාව ගැන සිතා තමන් මෙම ආධාර ලබා දෙන බවයි.
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මෙම දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන මිලදී ගැනීම් සඳහා පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 500 ක ණයක් සහ ආහාර, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මාර්තු මාසයේදී තවත් ඩොලර් බිලියන 1 ක ණයක් ඇතුළුව, වසර ආරම්භයේ සිටම ඉන්දියාව ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.5 කට ආසන්න මූල්‍ය ආධාර ලබා දී තිබෙනවා.
මේ වන විට රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා රටපුරා පැන නැගී ඇති අතර අර්බුදයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව තවත් ඩොලර් බිලියනයක මුල්‍ය ආධාරයක් ඉන්දියාවෙන් ඉල්ලා ඇති බවද විදෙස් වාර්තා වල සදහන්.
ඉන්ධන, ඖෂධ, ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා ගෙවීම් සිදු කිරීමට නොහැකි වීමෙන් මෙරට සමස්ථ ජනතාව පත්ව ඇත්තේ දැඩි අර්බුදයකටයි.
ඉන්දියාව අවස්ථා කිහිපයකදී ලබා දුන් ආධාර මෙන්ම ඉන්ධන ගෙන්වීම සදහා ලබා දුන් ණය ආධාරය ඒ අතරින් ප්‍රධානයි.
තමිල්නාඩු ප්‍රාන්ත සභාව ඒකමතිකව සම්මත කළ යෝජනාවට අනුව ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දීය රුපියල් කෝටි 123ක් වටිනා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට නියමිතයි.
මෙම ආධාර යටතට සහල් ටොන් 40,000 ක්, ජීවිතාරක්ෂක ඖෂධ 100 කට වැඩි ප්‍රමාණයක් සහ ළමුන් සඳහා කිරිපිටි ටොන් 500 ක් අන්තර්ගත වනු ඇති.
එම් කේ ස්ටාලින්ගේ මුලපිරීම සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිචාරය, විශේෂ වන්නේ යුද්ධයේ අවසන් අදියරේදී දිවයිනේ දෙමළ ජනයාට එරෙහිව බරපතළ යුද අපරාධ සිදු කළ බවට එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් තමිල්නාඩුව සහ රාජපක්ෂ පරිපාලනය නොරහසක් නොවන පසමිතුරුකම් මධ්‍යයේ මෙම වර්ධනයන් සිදු වීමයි.
තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා විසින් කලින් යෝජනා කළ පරිදි උතුරු, නැගෙනහිර සහ මධ්‍යම කඳුකරයේ වෙසෙන දෙමළ ජනතාවට පමණක් නොව සියලුම ශ්‍රී ලාංකිකයන්ට උපකාර කිරීම ගැන සලකා බලන ලෙස ස්ටාලින් මහතාගෙන් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලනඥයන් වීම විශේෂත්වයක්.
ඔවුන්ගේ ඉල්ලීම භාර ගනිමින් ස්ටාලින් මහතා පසුගියදා ප්‍රාන්ත සභාවට මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාවේ දෙමළ නායකයන් සහ දෙමළ සංවිධාන අපෙන් ඉල්ලීමක් කළේ සියලු ශ්‍රී ලාංකිකයන් සඳහා සහන යවන ලෙසයි, මන්ද මෙම අර්බුදයෙන් සියලුම ජාතීන් පීඩා විඳිනවා. ඒක අහනකොට මගේ හිත ගැස්සිලා ගියා. මට මගේ හැඟීම් පාලනය කර ගත නොහැකි වුණා. මෙය දෙමළ ජනතාවගේ සංස්කෘතියයි. කීර්තිමත් කවියෙකු වන සුබ්‍රමනිය භාරතියර් සිහිපත් කරමින් ඔහු පැවසුවේ, “පගයිවානුක්කු අරුල්වයි නන්නෙන්ජේ – කාරුණික හදවතින් ඔබේ සතුරාට ආශීර්වාද කරන්න.”

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...