26 C
Colombo
Tuesday, May 21, 2024

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ අතුරු ආබාධ ගැන සමාගම පිළිඅරන්

- Advertisement -

එංගලන්තයට හා ස්වීඩනයට අයත් දැවැන්ත බෙහෙත් සමාගමක් වන ‘ඇස්ට්‍රාසෙනෙකා’ සමාගම තමන් නිපදවූ කොරෝනා එන්නත හරහා දුර්ලභ අතුරු ආබාධ තත්ත්වයක් ඇති විය හැකි බවට පිළිගෙන තිබෙනවා.

ඉකුත් පෙබරවාරි මාසයේදී එංගලන්තයේ මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද නීති ලියවිල්ලක් මගින් ඇස්ට්‍රා සෙනෙකා සමාගම මේ බව පිළිගෙන තිබුණා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගැනීමේ අතුරු ආබාධයක් ලෙස රුධිර කැටි ඇති වීමේ හා රුධිර පට්ටිකා අඩු වීමේ රෝගය හෙවත් ත්‍රොම්බෝසිස් ත්‍රොම්බෝසයි ටෝපේනියා සින්ඩ්‍රෝම් (ටීටීඑස්) රෝගය ඇති විය හැකි බව එම සමාගම පිළිගෙන ඇති බවයි.

ඇස්ට්‍රා සෙනෙකා සමාගම නිපදවූ කොරෝනා එන්නත විද ගැනීමෙන් බොහෝ දෙනකු මරණයට පත් වූ බවත් තවත් පිරිසකට දරුණු ආබාධ හටගත් බවත් පවසමින් එංගලන්ත මහාධිකරණය හමුවේ අදාළ සමාගමට එරෙහිව නඩු 51ක් ගොනු කර ඇති බවත් බව එංගලන්තයේ පළ වන ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත පෙන්වා දෙනවා.

එහිදී පෙත්සම්කරුවන්, වින්දිතයන් හා එන්නත විදීමෙන් අනතුරුව මිය ගිය අය වෙනුවෙන් ඇස්ට්‍රා සෙනෙකා සමාගමෙන් පවුම් මිලියන 100කට අධික වන්දි මුදලක් ඉල්ලා තිබෙනවා.

ජේමි ස්කොට් නමැති දෙදරු පියෙකු විසින් අදාළ සමාගමට එරෙහිව පළමූ නඩුව ගොනු කර තිබුණා.

එහි දී ඔහු අවධාරණය කළේ, ඔහු 2021 අප්‍රේල් මාසයේදී එන්නත ලබා ගැනීමෙන් පසු ඔහුට රැකියාවේ නියැලීමට කිරීමට නොහැකි වූ බවයි.

රුධිර කැටියක් සහ මොළයේ ලේ ගැලීමක් වර්ධනය වීමෙන් පසු මොළයේ ස්ථීර තුවාලයක් හට ගත් බව ඔහු පෙන්වා දී තිබෙනවා.

කෙසේවෙතත්, ඉකුත් 2023 වසරේ මැයි මාසයේදී ඇස්ට්‍රාසෙනෙකා සමාගමේ නීතිවේදීන් එම සමාගමට එරෙහිව එල්ල වී තිබූ චෝදනා වලට පිළිතුරු සපයමින් පවසා තිබුණේ ඇසෙනෙකා එන්නත මගින් ත්‍රොම්බෝසිස් ත්‍රොබෝසයිටෝපේනියා සින්ඩ්‍රෝම් රෝගය ඇති වන බව පිළිගත් නොහැකි බවයි.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය හා ඒකාබද්ධව ඇස්ට්‍රා සෙනෙකා සමාගම විසින් නිපද වූ කොරෝනා එන්නත ‘වැස්සෙවේරියා ‘ හා කොවිෂිල්ඩ්’ යන වෙළෙඳ නාමයන් යටතේ නිපදවා නිකුත් කරනු ලැබුවා.

මෙම එන්නත කොරෝනා ආසාදනයෙන් වැළකීම සඳහා නිපදවා තිබූ සෙසු එන්නත් 39 ක පමණ සංඛ්‍යාවට වැඩි ප්‍රමාණයකින් ලෝකයේම වෙසෙන ජනතාව වෙත ලබා දි ඇති බවද වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍යවලට අනුව එම එන්නත් මාත්‍රා බිලියන 1.3කට අධික සංඛ්‍යාවක් කොරෝනා සමයේ ජනතාවට ලබා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කසිප්පු පෙරූ එස්.අයි. ගේ වැඩ තහනම්

කවරක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතරතුර මිහින්තලේ තම නිවෙසේ කසිප්පු නිෂ්පාදනය කළ බව කියන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩතහනම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික්ක...

බස් රථයක් පෙරළී හයදෙනෙකු රෝහලේ

කිලිනොච්චිය පුනරීන් පාලම ආසන්නයේදී අද (21) දින ධාවනය වූ පෞද්ගලික බස්රථයක් පෙරලී යාම හේතුවෙන් එහි ගමන්ගත් මගීන් 06 දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙන බව...

ගසක් කඩා වැටි අයෙක් මරුට

ඉමදුව කෝඹල පිටුවලහේන ගුණසේකර කන්ද ප්‍රදේශයේ තේ ඉඩමක වැඩ කරමින් සිටි පුද්ගලයෙකුගේ හිස මතට ගසක් කඩාවැටි ඔහු මියගොස් ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඩොලරයේ වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද දින ඩොලරයේ ගැනුම් සහ විකුණුම්...