24 C
Colombo
Thursday, March 30, 2023

ජනපතිගේ කැනඩා ත්‍යාගය නීතිපති ප්‍රතික්ෂේප කරයි

- Advertisement -

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාමයෑමෙන් අනතුරුව කැනඩාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත්කිරීමට ජනාධිපතිවරයා සූදානම්වී තිබුණා.

කෙසේ වෙතත් මේ පිළිබදව තමාට ලැබුණු ඉල්ලීම නීතිපති දප්පුල ද ලිවේරා මහතා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නීතිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශිකා නීතිඥ නිෂාරා ජයරත්න මහත්මිය පැවසුවේ දප්පුල ද ලිවේරා මහතා ජනාධිපතිවරයාට සිය ස්තූතිය පුද කළ බවත් තමා තවදුරටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට කැමැත්තෙන් පසුවන බවත් දැනුම් දුන් බවයි.

පසුගිය වසරේ කැනඩාවේ මහ කොමසාරිස් ලෙස හිටපු ගුවන් හමුදාපති, ගුවන් ප්‍රධානී මාෂල් සුමංගල ඩයස් මහතා පත් කළ නමුත් ඔහුගේ පත්වීම ක්‍රියාත්මක වූයේ නැහැ.

මේ මසදී වයස අවුරුදු 60 සම්පූර්ණ වන ලිවේරා මහතා විශ්‍රාම යෑමට නියමිතයි.

කෙසේ වෙතත් නීතිපති වැනි තනතුරු සඳහා විශ්‍රාම යන වයස් සීමාවෙන් ඔබ්බට දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ව්‍යවස්ථාවෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ.

දප්පුල ද ලිවේරා මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලය තුළ ඔහුගේ අධීක්ෂණය යටතේ නඩු 27,206 ක් පමණ විභාග වී අවසන් වූ බවද නිශාරා ජයරත්න මහත්මිය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

කටුනායක ආරක්ෂාව තර කෙරේ – හේතුව මෙන්න

0
කටුනායක ගුවන් තොටුපොළේ ආචාරශීලි මෙන්ම සුහද බව කෙලෙසන සහ විවිධ අක්‍රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට මෙතෙක් නියම කර තිබුණු රුපියල් 25000 දඩ මුදල ලක්ෂය...

රට හදන හැටි ජනපති කියයි

0
මෙරට සිසු පරපුර 2048 වන විට රට භාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්ෂණයෙන් සියලු අංශ පිළිබඳව සන්නද්ධ විය යුතු බව ජනාධිපති රනිල්...

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...