25.8 C
Colombo
Wednesday, May 15, 2024

Lockdown ඉවත් කරන්නේ රටෙන් 70%කට එන්නත්කරණය කිරීමෙන් පසුයි – ඕස්ට්‍රේලියානු අගමැති

- Advertisement -

ඕස්ට්‍රේලියාවේ සමස්ථ ජනගනයෙන් 70ක්වත් පූර්ණ එන්නත්කරණයට ලක්කරනතුරු රට විවෘත කිරීමට සූදානම් නොමැති බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අවධාරණය කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

ඒ, එරට වැඩිම ජනාකීර්ණ ප්‍රාන්ත දෙකක් වන නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා හි අගනගර වන සිඩ්නි සහ මෙල්බර්න්හි අගුලු දැමීමට එරෙහි ජන විරෝධතා පෙළපාලිවලට සහභාගී වූවන් සියගණනක් එරට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති පසුබිමකයි.

රට වසා තැබීම එරට රජයේ කොරෝනා පාලනය කිරිම සම්බන්ධ උපාය මාර්ගයේ ප්‍රධාන අංගයක් වන අතර එන්නත්කරණය 70% දක්වා ළඟා වන තුරු එය පවත්වාගෙන යන අතර අතර එම අගය 80% දක්වා ඉහළ යන විට දේශසීමා ක්‍රමයෙන් නැවත විවෘත කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.

මාධ්‍ය අමතමින් එරට අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ රට සදාකාලිකව වසා තැබිය නොහැකි බව වැටහෙන නමුත් රට විවෘත වන්නේ එන්නත්කරණය 70% දක්වා ළඟා වීමෙන් අනතුරුව පමණක් බවත් ජනතාව වටහා ගත යුතු බවයි.

ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සෙනසුරාදා නිකුත් කළ දත්තවලට අනුව මේ දක්වා පූර්ණ එන්නත්කරණය සිදුකර ඇත්තේ වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයන්ගෙන් 30%ක් පමණි.

එරට ජනගහනයෙන් 11%ක් එන්නත් ප්‍රතික්ෂේප කරන බව ඔස්ට්‍රේලියානු පුවත්පතක් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවූ අතර මෙයද එන්නත්කරණයට යම් බාධාවක් වී තිබේ.

RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුව ගැන සාකච්ඡාවට නිළධාරීන් ගිහින් නැහැ

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද...

රජයේ දේපළකට අයුතු ලෙස ඇතුළු වු 14දෙනා රිමාන්ඩ්

රජයේ දේපොළකට අයුතු ලෙස ඇතුළු වූයේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 14 දෙනෙකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත...

වෙසක් සැරසිලිවලට ප්ලාස්ටික් තහනම්

එළඹෙන වෙසක් සමයේ සිදු කරන විවිධාකාර සැරසිලි සඳහා ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙළඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින් ප්ලාස්ටික් වලින්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...