පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ සේවිකාවන් දෙදෙනකු අපයෝජනයට පත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු කණිෂ්ඨ සේවකයන් තිදෙනාගෙන් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (30) දින නියෝග කළා.
පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය මගින් සිදුකල විමර්ශනයකින් පසු පාර්ලිමේන්තුවේ සේවය කල කණිෂ්ඨ සේවකයන් වන අදාල සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.
එම අපයෝජනයට පත් කිරීම වර්ෂ 2022 දි පමණ සිදුව ඇති බවත් ඊට අදාල පැමිණිල්ල ලිංගික හිංසනය සිදු වී වසරකට පමණ පසු පොලිසිය වෙත සිදු කර තිබීමත් යන කාරණා මෙහිදී අධිකරණය හමුවේ අනාවරණය වුණා.
කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කර අධිකරණය වෙත වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය වෙත නියෝග කළාය.