28 C
Colombo
Tuesday, May 21, 2024

පොලී අනුපාත අඩු කිරීමේ සහනය නොදුන්නොත් බැංකුවලටත් වැඩ වරදින ලකුණු

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමේ වාසිය වෙළෙඳපොළට ලබාදීමට බැංකු කටයුතු කළ යුතු බව මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේ අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එසේ සිදු නොකළහොත් පොලී අනුපාත නියාමනය කිරීම සඳහා ක්‍රියා මාර්ග ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

ඒ මහතා පවසන්නේ බැංකු පොලී අනුපාත යම් මට්ටමකට අඩු වුවද තවදුරටත් අඩු විය යුතු බවත් ඒ සඳහා බැංකුවලට සහන කාලයක් හිමිවන බවත්ය.

එම කාලය තුළදී බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩුවීමේ වාසිය ජනතාව වෙත ලබාදෙමින් වෙළෙඳපොල පොලී අනුපාත අඩු කරනු නොලැබුවහොත් 2018 වසරේ මෙන් බැංකුවලට ඉලක්ක ලබාදීමට සිදුවන බව මෙහිදී මහ බැංකු අධිපතිවරයා සඳහන් කරනවා.

රන් උකස් ණය සහ ණය පොලී අනුපාතද මේ අනුව කාලානුරූපීව අඩු වනු ඇති බවද මහ බැංකුව කියා සිටිනවා.

මහ බැංකුව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මග පෙන්වීම යටතේ ණය පත් පොලී අනුපාතිකය සියයට 2 කින් බැංකු අඩු කළ බවයි.

මේ අතර ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 11% සහ 12% දක්වා පදනම් අංක 200 කින් තවදුරටත් අඩු වෙන බවයි සඳහන් වන්නේ.

ඊයේ (05) රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම තීරණය ගෙන තිබෙනවා.

මේ අතර පසුගිය මැයි 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික වාර්තාගත ලෙස පහත දැමීමට තීරණය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

උද්ධමනයේ ඉහළ යෑමක්

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2024 මාර්තු මාසයේ දී වාර්තා වූ 2.5% සිට 2024 අප්‍රේල් මාසයේ දී 2.7% ක්...

ඉන්දියාවේ ආරක්ෂාවට හානි වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ – අලි සබ්රි

වගකීම් සහගත අසල්වැසි රටක් වශයෙන්  ශ්‍රී ලංකාව, ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට හානි කිරීමට ඉඩ නොතබන බව විදේශ අමාත්‍ය අලී සබ්රි මහතා පවසා තිබෙනවා. ඉන්දීය ප්‍රවෘත්ති නාලිකාවක්...

බන්ධනාගාර නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග අවසන්

බන්ධනාගාර නිලධාරීන් විසින් ගෙන ගිය වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගෙන ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පවසනවා. රුපියල් 25,000ක...

POPULAR ARTICLES

ඩයනා අතුරුදන්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර, විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධ නඩුවේ සැකකාරියක් වශයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ නම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන්...

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම පෙට්‍රල් වර්ගය

Indian Oil සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර ඇති බවට වාර්තා වනවා. පසුගිය මැයි 18 වනදා මුම්බායේ...

ඉරාන ජනපති තවමත් අතුරුදහන්. හෙලිකොප්ටරයේ සුන්බුන් බවට සැක කෙරෙන තාප ප්‍රභවයක් හඳුනාගෙන

Update:ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය කඩා වැටුණු ස්ථානය ගවේෂණ කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් නොබෝ වෙලාවකින් එම කණ්ඩායම...