26 C
Colombo
Friday, May 10, 2024

ට්‍රම්ප් සමඟ විවාදයකට බයිඩන් කැමැත්තෙන්

- Advertisement -

එළඹෙන නොවැම්බරයේ පැවැත් වීමට නියමිත එක්සත් ජනපද ජනාධිපතිවරණයට සමගාමීව, සිය අනුමානිත රිපබ්ලිකන් ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් විවාදයකට පැමිණිමට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

එක්සත් ජනපද ජනාධිපතිවරයා Sirius XM ගුවන් විදුලියේ සාකච්ඡාවකට එක් වෙමින් එහි පූරක හොවාර්ඩ් ස්ටන් පවසා තිබුණේ, අදාළ විවාදය සඳහා වන දිනය තවමත් නොදන්නා බවත් තමන් ට්‍රම්ප් සමග වාද කිරීමට කැමැත්තෙන් සිටින බවයි.

මේ අතර, හිටපු ජනාධිපතිවරයා, වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සමග වාද විවාද කිරීමට ඕනෑම වේලාවක සූදානම් බව, ජනපතිවරණය ඉලක්ක කරගත් ට්‍රම්ප් ප්‍රචාරක ව්‍යාපාරය කලක සිට පවසා තිබෙනවා.

මුදල් චෝදනා සම්බන්ධයෙන් දැනට නඩු විභාගයට ලක්ව සිටින ට්‍රම්ප්, ට්‍රත් සෝෂල් වේදිකාවේ දී වත්මන් ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වමින් අදාළ විවාදය සම්බන්ධයෙන් පවසා තිබුණේ, ” හැමෝම දන්නවා ඔහු ඇත්තටම එය අදහස් නොකරන බව, නමුත් ඔහු එසේ කරන්නේ නම්, මම ඕනෑම තැනක, ඊට සූදානම් ” බවයි.

2020 පැවති ජනපතිවරණයේ ද අපේක්ෂකයන් යුවල ලෙස එකිනෙකා තරග කළ අතර, එහි දී මෙම යුගලය අවස්ථා දෙකක දී විවාද කර ගනු ලැබුවා.

කෙසේ නමුත්, මැතිවරණය ඉලක්ක කරගත් ජනාධිපති අපේක්ෂකයින් අතර පැවැත්වෙන විවාද තුන සඳහා ජනාධිපති විවාද පිළිබඳ කොමිසම දැනටමත් දින සහ ස්ථාන ප්‍රකාශයට පත් කර ඇති අතර ඒවා, සැප්තැම්බර් 16 වැනිදා ටෙක්සාස්හි දී, ඔක්තෝබර් 1 වැනි දා ර්වර්ජිනියාහි දී සහ ඔක්තෝබර් 9 වැනි දා සෝල්ට් ලේක් සිටිහි දී පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.

අමෙරිකානු ජනාධිපතිවරණයට පෙර අපේක්ෂකයන් දෙදෙනා අතර විවාද පැවැත්වීමේ සංස්කෘතිය 1976 වසර දක්වා දිවෙන අතර, පළමු විවාදය සඳහා මුහුණ දුන්නේ රිපබ්ලිකන් අපේක්ෂක ජෙරල්ඩ් ෆෝර්ඩ් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක ජිමි කාටර් අතරයි.

RECENT ARTICLES - SINHALA

හයවෙනි වරටත් බැසිල් රනිල් හමුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් සාකච්ඡාවක් ඊයේ(10) රාත්‍රියේ පවත්වා තිබෙනවා. ඔවුන් දෙදෙනා අතර ඉදිරි දේශපාලන...

අර්බුද සමයේ තෙල් තොග අතුරුදහන් වෙලා

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තවලින් අර්බුද සමයේ පිටතට රැගෙන ගිය ඇතැම් ඉන්ධන තොග අතුරුදන් වී ඇති බවට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...