29 C
Colombo
Friday, June 2, 2023

සහල් හිඟය අතරේ පාන් මිලත් ඉහළට?

- Advertisement -

ඇතැම් වී ගබඩාවල වී ඇටයකුදු නොමැති බවත් දැඩි සහල් හිඟය වළක්වා ගැනීමට නම් මෙක්ට්‍රික් ටොන් 8,000ක ආරක්ෂිත තොගයක් පවත්වා ගෙන යා යුතු බවත් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.’

මේ වෙනුවෙන් ජාත්‍යන්තර තරඟකාරී මිල කැඳවීමක් සිදුකර ඇති බවත් මේ හරහා සහල් මෙක්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පවසනවා. එහිදී, නාඩුවලට සමාන සහල් මෙක්ට්‍රික් ටොන් 50,000ක් හා සම්බාවලට ආදේශ සහල් මෙක්ට්‍රික් ටොන් 50,000කුත් ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බවයි ඔහු පවසන්නේ.

කෙසේ නමුත්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මීට පෙර සිදුකළ පුරෝකථනයන්ට අනුව රටට අවශ්‍ය සහල් තොග එළඹෙන ජනවාරි මාසය දක්වා පැවතිය යුතු නමුත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පවසන්නේ මේ වන විට සහල් තොග පවතින්නේ තවත් මාස එකහාමාරක් වැනි කාලයක් සඳහා පමණක් බවයි.

වෙළඳපොළේ සහල් මිල අහස උසට ගමන් කරන අතරතුරේදී පාන් මිලද ඉදිරියේදී රුපියල් 10 කින් පමණ ඉහළ නැංවීමට සිදු විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

සෙරන්ඩිබ් සමාගම විසින් පිටි කිලෝවක මිල රුපියල් 18 කින් ඉහළ නැංවීම හේතුවෙන් බේකරි හිමියන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බවත් ඒ හේතුවෙන් මෙම මිල ඉහළ දැමීමේ අවශ්‍යතාව මතුව ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගම‍යේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

සිරකරුවන් පිරිසකට ජනපති සමාව

පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් පිරිසකට ජනාධිපති සමාව පිරිනමා තිබෙනවා. ඒ අනුව පොසොන් පොහොය දින වනවිට බන්ධනාගාරගතව...

IMF නියෝජිත පිරිස වරාය නගරයේ චාරිකාවක

ශ්‍රී ලංකාවේ නිල සංචාරක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස අද (01) පෙරවරුවේ වරාය නගරයේ සහ වරාය පර්යන්තවල චාරිකාවකට එක් වී තිබෙනවා.

අබුඩාබි නැවේ ඉංජිනේරුවා මුහුදට වැටී මරුට

ගාල්ල ධීවර වරායේ නැංගුරම්ලා තිබූ අබුඩාබි රාජ්‍යයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ප්‍රධාන ඉංජිනේරුවරයා එම නෞකාවේ ඉහළ මහලේ සිටියදී අද(01) අළුයම මුහුදට ඇද...

RECENT ARTICLES - ENGLISH

“Don’t panic, there is no fuel shortage”: Kanchana

0
Power and Energy Minister, Kanchana Wijesekara, has issued a reassuring message to the public regarding concerns about fuel shortages. He urges everyone...

Several state institutions gazetted under Finance Ministry

A gazette notification has been issued bringing several state-owned institutions including the Colombo Lotus Tower Management Company, Sri Lanka Cement Corporation, State...

Breaking: SLVlog owner arrested by CID

0
Owner of the SLVlog Bruno Diwakara was arrested by the CID a short while ago. Diwakara was summoned to...