28 C
Colombo
Saturday, May 18, 2024

පාලම් පාරු අනතුර: රිෂාඩ් බදියුදීන් විපතට පත්වූවන්ගේ පවුල් හමුවට යයි

- Advertisement -

සමගි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ඊයේ දිනයේ කින්නියා ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණා.

එහිදී, පාලම් පාරු අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූවන්ගේ නිවෙස් වෙත ගිය ඔහු විපතට පත් වූවන්ගේ පවුල් වෙත ශෝකය පළ කළා.

මේ අතර, කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය පාරුවක් පෙරලීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික පාලම් පාරුවේ හිමිකරු සහ ක්‍රියාකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

කැඩුණු පාලමක් ඉදිකිරීම ප්‍රමාදවීම නිසා භාවිත කළ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් සිව් දෙනක් ඇතුළු 6 දෙනෙක් පෙරේදා (23) කින්නියා කළපුවට බිලි විය.

අනතුරෙන් පාසල් දරුවන් ඇතුළු 20 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

උදෑසන 7.00ට පමණ අනතුර සිදුව තිබූ අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි පාසල් දරුවන් ඇතුළු 25 ත් 30 ත් අතර පිරිසක් ගමන් කරමින් සිට තිබිණ.

සිද්ධිය දුටුවන් වහා ක්‍රියාත්මක වී වතුරට පැන දරුවන් 7 දෙනෙකු බේරගෙන කින්නියා රෝහලට ඇතුළත් කර තිබිණ.

මියගිය හය දෙනාගෙන් සිව් දෙනෙකු ම පාසල් දරුවන් ය.

1977 හදපු කින්නියා කුරිඤ්ඤන්කර්නි කළපුවෙ පාලම කැඩී ගොස් තිබුණේ, මීට අවුරුදු 6 කට පෙරදී ය.

මේ අතර, කින්නියා පාරු අනතුරේ වගකීම රජය සතු නොවන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසනවා.

කින්නියා, කුරන්ජන්කර්නි කලපුව හරහා මගී ප්‍රවාහනය සඳහා පාරුවක් භාවිතා කිරීමට අවසරය ලබා දී ඇත්තේ සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහය දක්වන කින්නියා නගර සභාව මගින් බවයි ඔහු පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

බාල ඖෂධ සිද්ධි​ය ගැන තවත් පැමිණිල්ලක් CIDයට

චේතනාන්විතව තත්ත්වයෙන් බාල ඖෂධ මෙරටට ගෙන්වීමට පියවර ගත් ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහ​තා අපරාධ...

‍රෝමේන් විලිස්ට වාරණ නියෝගයක්

නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන රොමේන් විලිස් හට කොළඹ වාණිජ මහාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ඇය විසින් මෑතකදී නිකුත් කරන ලද “ඒ...

මැල්සිරිපුර පොලිසියෙන් පාසල් සිසුවෙක්ට අමානුෂික ප්‍රහාරයක්

නිවසකින් වායු රයිෆලයක් සහ ජංගම දුරකථනයක් සොරාගත් බව පවසමින් ගමේ පාසල් සිසුවකු ඇතුළු දෙදෙනෙක් මැල්සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගත් තිදෙනාගෙන් පාසල්...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...