25 C
Colombo
Saturday, May 18, 2024

වැලන්ටයින් එකට විකුණන්න කප්රුක මුදලාලි රෝසමල් 45,000 ක් ගෙනත්

- Advertisement -

හෙට දිනයට යෙදී තිබෙන වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයන්ගේ දිනයේදී අලෙවි කිරීම සඳහා නැවුම් රෝස මල් 45,000 ක් මේ වන විට සූදානම් කර අවසන් බව කප්රුක ව්‍යාපාරයේ අධිපති දුලිත් හේරත් මහතා නිවේදනය කරනවා.

ඒ අනුව අන්තර්ජාලය හරහා සිය භාණ්ඩ අලෙවිකරන ව්‍යාපාරයක් වන කප්රුක හරහා මෙම රෝසමල් ඇණවුම් කරන පෙම්වතුන් හට ඒවා නිවසටම ලබාදීමට සූදානම් කර තිබෙනවා.

වැලන්ටයින් දිනය ලෙසින් දිනයක් සැමරීම මීට වසර කිහිපයකට පෙර වාණිජ අරමුණින් මෙරටට හදුන්වාදුන් අතර ඊට පෞද්ගලික මාධ්‍ය ආයතන විශාල ප්‍රචාරණයක් ලබාදුන්නා.

එහිදී වැලන්ටයින් දිනය සමරා විවිධ වැඩසටහන්, තරඟ යනාදිය සංවිධානය කෙරුණු අතර ඊට ව්‍යාපාරිකයන්ද අනුග්‍රාහකත්වය ලබාදී එම පෙම්වතුන්ට විවිධ දෑ අලෙවි කරමින් තම ව්‍යාපාර වර්ධනය කරගැනීමට පටන් ගත්තා.

මේ වන විට වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයන්ගේ දිනය දැවැන්ත ව්‍යාපාරික දිනයක් බවට පත්ව ඇති අතර එය ඉලක්ක කරගනිමින් ස්වර්ණාභරණ ආයතන, අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවිකරන ආයතන, මාධ්‍ය ආයතන, හෝටල්, ආපන ශාලා, ඇදුම් සාප්පු යනාදී බොහෝ ව්‍යාපාරික ආයතන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.


RECENT ARTICLES - SINHALA

යුද ජයග්‍රහණයට අදට වසර 15යි

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට (18) වසර 15ක් සපිරෙනවා. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක...

ජනපති ඉන්දුනීසියාවට

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපති...

තවත් ඉන්දීය ක්‍රිකට් ලොක්කෙක්ට එරෙහිව අධි චෝදනා

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති "ලෙජන්ට් ට්‍රොපි 2024" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට විදේශීය ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ක්‍රිකට් කළමනාකාර පෙචලෝඩියා...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...