පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය හැකි ඉක්මණින් මහා බ්‍රිතාන්‍යය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන බ්‍රිතාන්‍ය රජු තුන්වන චාල්ස් කුමරුගෙන් ඉල්ලමින් මෙරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් ලිපියක් යොමු කර තිබෙනවා.
මෙම ලිපිය යොමු කර ඇත්තේ ඩයනා ගමගේ මහත්මියගේ ද්විත්ව පුරවැසිභාවය සහ මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති ඕෂල හේරත් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ විසිනි.
අදාළ ලිපියෙන් ඔවුන් සඳහන් කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ. පුරවැසිභාවය සහිත ඩයනා ගමගේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ නීති විරෝධීව බවයි.
ඒ අනුව ඇයව බ්‍රිතාන්‍යයට යළි ගෙන්වා ගන්නා ලෙසයි ඔවුන් මෙම ලිපිය මඟින් චාල්ස් රජුගෙන් ඉල්ලා ඇත්තේ.
ඔවුන් විසින් අද (28) දිනයේ අදාළ ලිපිය ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය වෙත භාර දීමට කටයුතු කළා.