24 C
Colombo
Thursday, March 30, 2023

නැගෙනහිර පර්යන්තයෙන් 49% ක් ඉන්දියාවේ අඩානි සමාගමට

- Advertisement -

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ඉන්දියාවේ අඩානි සමාගමට 49% ක කොටස් හිමිකාරීත්වය ලබා දීම වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

දෙසැම්බර් 14 පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මෙසේ පැවසීය.

“කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබිලා තියෙනවා. එය එක පත්‍රිකාවක් විතරයි ECT පර්යන්තය සම්බන්ධයෙන්. නැගෙනහිර පර්යන්තය පහුගිය රජය ලැහැස්ති වුණා, ජපානය – ඉන්දියාව සමඟ ගිවිසුමක් අත්සන් කරනවා, දින නියමයක් නොමැතිව අවසන් වන, ඉන් ජපානයෙන් ණයක් ලබා ගෙන. ඒ ලබා ගන්න ණය තුළ කොටස් වශයෙන් වෙන් කරගෙන, අපි ණයකුත් අරන්, අපි කොටසුත් දීලා, මේ පර්යන්තය ක්‍රියාත්මක කරනවා. අපි රජයක් හැටියට තීන්දු කළා, අපි කිසි දවසක ණය ගන්නේ නැහැ.“

“කොළඹ වරායේ මුදල්වලින් 25% ක් අපි ණයවලට දැන් ගෙවන්න ඕනේ. ණය ගෙවන්න තියනෙවා. තව ඩොලර් මිලියන 600-700 ක් අතර අවශ්‍ය වෙනවා. අපි ආයෝජකයෙකුට එන්න කියලා කියනවා. ඒ ආයෝජකයා තෝරගත්තාට පස්සේ ආයෝජකයා විසින් මේ අවශ්‍යතාවය ඉටුකරද්දී 51% ක අයිතිය අපිටත් 49% අයිතිය තියා ගෙන අපි මේ නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කරනවා. මේ සඳහා අපට ඉන්දියාවේ රජය අපට යෝජනා කරලා තියෙනවා, අහවල් ආයෝජකයෙක් ගැන ඔවුන්ගේ රජයේ අවධානය තියෙනවා කියලා. අඩානි, අපි ඒක සඳහන් කරලා තියෙනවා. ඒක ඉන්දියාව තමයි අපට යෝජනා කරලා තියෙන්නේ.“

RECENT ARTICLES - SINHALA

ක්‍රිප්ටෝ කරන්සි ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

0
ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඔවුන් මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ...

ONMAX DT අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

අමෙරිකානු ඩොලර් කෝටි 10ක පිරමීඩාකාර මූල්‍ය වංචාවක් සිදුකළ බව කියන පුද්ගලික(ONMAX DT) ආයතනයේ අධ්‍යක්ෂකවරුන් හයදෙනෙකුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොලඹ මහේස්ත්‍රාත්...

DNA වාර්තා සාරා ජස්මින් මියගිය බව තහවුරු කරයි

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටියදී 2019 වසරේ අප්‍රේල් මස 26 වැනිදා සයින්දමරුදු ප්‍රදේශයේ නිවසකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන්...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...