31.1 C
Colombo
Tuesday, July 8, 2025

පහන්තුඩාව නිසා අපිට ලෝකෙට මූණදෙන්න බැරිවෙලා (VIDEO)

- Advertisement -

පහන්තුඩාවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධ කර ඊට අදාළ නොවන විවාහක යුවළකගේ ඡායාරූප සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැරීම සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමුව තිබෙනවා.

අදාළ යුවළ අගතියකට පත්වී ඇත්නම් එසේ පත්කිරීමට කටයුතු කළ අය සොයා වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාත් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

පහන්තුඩාව අසභ්‍ය දර්ශනයේ සිටින්නේ තමන් බවට පලවන සමාජ මාධ්‍ය සටහන් නිසා තමන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව එම යුවල විසින් යූටියුබ් සාකච්ඡාවකට එක්වෙමින් මාධ්‍යවේදී ළහිරු මුදලිගේ වෙත පවසා සිටියා.

තමන් දෙදෙනා එම ඇල්ල නැරඹීමට ගිය අවස්ථාවකදී ලබාගත් ඡායාරූප යොදාගෙන එම අසත්‍ය පුවත පතුරවමින් ඇති බවයි ඔවුන් එහිදී පවසා සිටියේ.

මෙම ක්‍රියාව නිසා තමන්ට සමාජයට මුහුණදීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවත් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වේයැයි බලාපොරොත්තු වන බවත් එහිදී ඔවුන් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

මුහුද ආරක්ෂා කරන මෙහෙයුම්වලට අනුමැතිය

ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් සිදු කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

“මේක අලුත් බද්දක් නෙමෙයි” – ඇමති අනිල් ජයන්ත

ජනතාවට කිසිදු අකාරයේ අතිරේක වැට් බදු පැනවීමක්  සිදුකර නොමැති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.   අද(08) මාධ්‍ය වෙත අදහස්...

දහම්පාසල් ගුරුවරුන්ට හොද කලක්

2026 වර්ෂයේ සිට ඉදිරියට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා කතෝලික ආගම්වලට අයත් ලියාපදිංචි දහම්පාසල්වල එක් වසරක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කරන ලද ගුරු භවතුන්ට...

POPULAR ARTICLES