නිරිතදිග පකිස්තානයේ ක්වෙට්ටාහි සංචාරක හෝටලයක රථ ගාලේ අද (22) අලුයම කාර් බෝම්බ පිපිරීමක් සිදුව තිබේ.
එහිදී පුද්ගලයන් සිව්දෙනෙකු මියගොස් ඇති අතර 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම හෝටලයේ පකිස්තානයේ චීන තනාපතිවරයා නවාතැන්ගෙන සිට ඇති බව පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
කෙසේවෙතත් එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ ඔහු එහි සිට නොමැති බවද සදහන් වේ.
ප්‍රාදේශීය තලේබාන් සංවිධානයේ නියෝජිත කණ්ඩායමක් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
