30.3 C
Colombo
Friday, April 26, 2024

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා අභාවප්‍රාප්ත වෙයි

- Advertisement -

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටියදී ඊයේ (03) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 61 වන වියේ පසුවුණා.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව 2019 වර්ෂයේ දෙසැම්බර් මස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ධූරයට ඒ මහතා පත්කෙරුණා.

ඊට පෙර ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ උප සභාපති ධූරය, ජාතික රක්ෂණ සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ධූරය සහ රත්නපුර ශ‍්‍රී සුමන සමන් දේවාලයේ බස්නායක නිළමේවරයා ලෙසද කමල් රත්වත්තේ මහතා කටයුතු කර තිබෙනවා.

දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සොයුරෙකු වූ ක්ලිෆර්ඩ්‍ රත්වත්තේ මහතාගේ පුත්‍රයෙකු වූ කමල් රත්වත්තේ මහතා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් ලෙස සාර්ථකත්වයට පත්වූ පුද්ගලයෙක්ද වනවා.

RECENT ARTICLES - SINHALA

අමරවීර ඉරානයට

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඉරානයේ ‌ටෙහෙරාන් නුවර පැවැත්වෙන EXPO ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව නියෝජනය...

කොළඹට හෙට පැය 14ක ජල කප්පාදුවක්

හෙට (27) පස්වරු 05 සිට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල - ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන...

විරෝධතාවයක් වළක්වන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කරයි

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් සංවිධානය කළ විරෝධතා රැළියක් වළක්වන ලෙස කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...