28 C
Colombo
Friday, May 3, 2024

චමරි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනිමේ සුදානමක්?

- Advertisement -

සිය ක්‍රිකට් සමුගැනීම ඉතා ළඟදීම සිදුවන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසනවා.

දකුණු අප්‍රිකාවට එරෙහිව ලද වාර්තාගත එක්දින ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය පැවුසවේ ලබන වසරේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලානයේදී තම කණ්ඩායම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීම සිය ඉලක්කය බවයි.

දකුණු අප්‍රිකා තරග සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල 20-20 තරගාවලිය 2ට 1ක් ලෙස ජයගත් අතර එක්දින තරගාවලිය 1ට1ක් ලෙස සම කිරීමට සමත්වුණා.

අවසන් එක්දින තරගයේදී චමරි අතපත්තු නොදැවී ලකුණු 195 රැස්කළේ, ශ්‍රී ලංකා පිල වාර්තා අතරට ඔසවා තබමින්.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ, නායිකා, චමරි අතපත්තු,

“ක්‍රිකට් ක්‍රීඩිකාවක් විදියට මේ ජයග්‍රහණය මට ඇත්තෙන්ම වැදගත්, මොකද මට දැන් වයස අවුරුදු 34ක් වෙනවා. මම ඉන්නේ මගේ ක්‍රීඩා ජීවිතයේ අවසන් අදියරේ. මගේ කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ දකින්නයි මට ඕන. පසුගිය අවුරුදු 15ක දුෂ්කර කාලය තුළ පුද්ගලයෙකු වශයෙන් මෙන්ම ක්‍රීඩිකාවක් ලෙස ජයග්‍රහණ කිහිපයක්ම අත්කරගත්තා. නමුත් කණ්ඩායම් නායිකාව ලෙස මට තවත් දේ කරන්න තියෙනවා. මේ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම තමයි සමුගැනීමට පෙර මගේ ඉලක්කය.”

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...