ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ (19) දිනයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් සහ ගැනුම් අගය අද දිනයේ සුළු පහත වැටීමක් පෙන්නුම් කරනවා
ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 307.47ක් ලෙස සටහන් වු අතර අද දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 307. 34 ක් ලෙස වාර්තා වී තිබෙනවා.
මීට අමතරව අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 317. 16 ක් ලෙස සටහන් වී තිබු අතර ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 317. 29 ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.