26 C
Colombo
Tuesday, April 30, 2024

ගෑස් සංයුතිය වෙනස් කිරීම පිපිරීම්වලට හේතුව බව හෙළිවේ..!

- Advertisement -

මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී එම කමිටුවේ සභාපති මහාචාර්යවරයා මේ බව තහවුරු කරන ලදි.

මෙහිදී තම කමිටුව සිදුකළ පරීක්ෂණවලදී ගෑස් පද්ධතියට සම්බන්ධව තිබූ කිසිවක් වෙනස්කර නොතිබූ බවට තහවුරු වූ බවත් ගෑස් සිලින්ඩරය තුළ තිබෙන ගෑස් සංයුතියේ වෙනසක් සිදුව ඇති බවට තහවුරු වූ බවත් ඔහු පවසා සිටිනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා

” සති දෙකෙන් දෙකට හරි මාසෙන් මාසෙට හරි ගෙවල්වලට වෙනස් වෙනස් විදියට ගෑස් ලැබෙනවා. ඒත් එක්කම සිලින්ඩරයත් ලැබෙනවා. සිලින්ඩරය පුපුරා යෑමට තියෙන අවකාශය ඉතාම අවමයි. අවසානයේ අපිට නිරීක්ෂණය කරන කොට අපි දැකපු කරුණක් තමයි පසුගිය කාලය තුළ සංයුතියේ යම් ඉහළයෑමක් සිදුවෙලා තියෙනවා. ඇත්තටම ඒක 40කට කිට්ටු අගයක් ඇවිල්ලා තියෙනවා. සංයුතියේ සිදුවු වෙනස්වීමක් සමග ඇති වු අනෙකුත් කරුණු තමයි අවසානයේ මේ අනතුරුවලට හේතු වුණේ කියන එක තමා අපේ වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...