28.1 C
Colombo
Friday, April 26, 2024

Child Fund Sri Lanka සහ වෘත්තීය පුහුණු අධිකාරිය හම්බන්තොට ප්‍රදේශයේ මව්වරුන් සහ දරුවන් රැකබලාගන්නන් සවිබල ගන්වයි

- Advertisement -

මුල් ළමාවිය සංවර්ධනයේදී දරුවන්ට නිසි රැකවරණය ලබාදීම සඳහා සවිමත් පදනමක් ගොඩනඟා ගැනීමට රැකබලා ගන්නන්ට සහාය දීමේ වැදගත්කම ChildFund Sri Lanka හඳුනාගෙන ඇත.

රැකබලා ගන්නන් සවිබලගැන්වීමේ ආරම්භක පියවරක් වශයෙන් විධිමත් ලෙස අනුමත කළ, වෘත්තීය පුහුණුවක් ලබාදීම මගින් තෝරා ගත් පුද්ගලයින්ගේ පවත්නා දැනුම හා කුසලතා ප්‍රමිතිකරණය කරනු පිණිස ජාතික මට්ටමේ වෘත්තීය සුදුසුකම් සහිත (NVQ) සහතිකයක් නිකුත් කිරීමට ChildFund Sri Lanka ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) සමඟ අවබෝධතා ගිවිසුමකට (MOU) එළඹිණි.

මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී එරංග බස්නායක සහ ChildFund Sri Lankaහි ආයතනික කළමනාකරු නාලක සිරිවර්ධන යන මහත්වරු දෙපාර්ශවයේ ඉහළ නිලධාරීන් ඉදිරියේ පසුගියදා අත්සන් කළහ.

‘’ChildFund Sri Lanka ඉල්ලීමට අප ලබා දුන් එකඟතාව අනුව වඩා විධිමත් සහ වෘත්තීය සවිබලගැන්වීමක් වශයෙන් හඳුනාගත් වෘත්තීමය පුහුණුවක් තෝරාගත් ළමුන් රැකබලාගන්නන් සඳහා අප ලබා දෙනවා. එහිදී පුහුණුව ලබා දෙන්නේ ළමුන් රැකබලාගැනීම පිළිබඳව ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් (NVQ) වෙනුවෙනුයි.” එරංග බස්නායක මහතා පැවසීය.

සම වයස් කණ්ඩායම් අතර දැනුම හා උපදෙස් ලබා දීමේ හැකියාව ඇති විපර්යයකාරයකින් (Change agents) ලෙස නායක මව්වරුන් (Lead Mothers) සඳහා විධිමත් හා පිළිගත් පුහුණුවක් ලබා දීමට වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳව ChildFund Sri Lanka වන අප බෙහෙවින් සතුටට පත්වෙනවා. අපගේ ‘නායක මව්වරුන්ගේ’ වැඩසටහන රැකවරණය ලබා දීමේ අංශය තුළ ආර්ථික අවස්ථාවක් ලබා දෙමින් ළමා රැකවරණය සඳහා වන සමාජ ව්‍යවසායක් දක්වා දිග හැරෙමින් පවතිනවා. එය දරුවන් සඳහා වයසට ගැළපෙන වර්ධනයට හා සංවර්ධනයට පහසුකම් සපයන ගුණාත්මක සේවාවන් ආයතනයක් ලෙස ස්ථාපිත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම නායක මව්වරුන්ගේ වැඩසටහන දෙමව්පියන්ගේ සහ දරුවන් රැකබලාගන්නන් තුළ දරුවන්ගේ පෝෂණ තත්ත්වය සහ බුද්ධිය සංවර්ධනය පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමට අදාලව ධනාත්මක දායකත්වයක් ලබා දී ඇත. මෙම සුදුසුකම ඔවුන්ගේ කුසලතා ශක්තිමත් කිරීමට හා දරුවන්ගේ ජීවිත පරිවර්තනයකට ලක් කිරීමට උපකාරී වෙනවා.” යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාලක සිරිවර්ධන මහතා පැවසීය.

පළමු ආධුනිකත්ව පුහුණු පාඨමාලාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි මැදමුලන වෘත්තීය පුහුණු අධිකාරි මධ්‍යස්ථානයේ මව්වරුන් 15 දෙනෙකු සඳහා පැවැත්වීමට නියමිතය. ChildFund Sri Lanka විසින් පුහුණු උපකරණ සහ වැඩිහිටි අභ්‍යාසලාභීන් සඳහා පාඨමාලා ගාස්තු ඇතුළු අවශ්‍ය යටිතල පහසුකම් සපයා දී ඇත. අවබෝධතා ගිවිසුමට අනුව වෘත්තීය පුහුණු අධිකාරිය විසින් ප්‍රතිචාරාත්මක දරුවන් රැකබලා ගැනීමට සහ දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය සිදු කිරීමට අවශ්‍ය දැනුම කුසලතා ලබා දෙන පුහුණු වැඩසටහනක් සහභාගීවන්නන්ට ලබා දෙන අතර එමඟින් ඔවුන්ට රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාවද වැඩි කරයි. මෙහිදී සහභාගීවන්නන්ට දරුවන් රැකබලාගැනීමේ වෘත්තීය සඳහා වන NVQ 3 වන මට්ටමේ ජාතික සහතිකය ලැබෙනු ඇත. 

තෝරාගත් සහභාගිවන්නන් පුහුණු නායක මව්වරුන් ලෙස පුහුණුව ලද ChildFund Sri Lanka හි ‘නායක මව්වරුන්ගේ’ (Lead Mothers) වැඩසටහනට එක්ව සිටින අය වෙති. ඔවුන් දැනටමත් ප්‍රජාව තුළ නියමු නායකයින් ලෙස උපදේශකයින් සහ ප්‍රජා විපර්යකාරකයින් ලෙස සේවය ලබා දෙනවා.

මේ දක්වා ChildFund Sri Lankaහි වඩාත් සාර්ථකම මැදිහත්වීමක් ලෙස පිළිගැනෙන ‘Lead Mothers’ වැඩසටහනින් ධනාත්මක මාපිය පුහුණුව පිළිබඳ දැනුම ප්‍රවර්ධනය කිරීම සහ දරුවන්ගේ පෝෂණය හා සංවර්ධනය සඳහා මව්වරුන්ගේ සහභාගීත්වය ශක්තිමත් කිරීම සිදු වෙයි. පුහුණුව ලත් දෙමව්පියන් සහ රැකබලා ගන්නන් ඔවුන්ගේ සම වයසේ මිතුරන් සමඟ තම දැනුම බෙදාහදා ගැනීම වැනි කාරණා ප්‍රජාව තුළ ආවරණය කරනු ලබයි.

ChildFund යනු දශක හතරකට අධික කාලයක් පුරා ළමයින්ට ඔවුන්ගේ පූර්ණ හැකියාවන් කරා ළඟාවීම පිණිස ක්‍රියාකාරීව සම්බන්ධ වන ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධානයකි. නිරෝගී සහ සුරක්‍ෂිත ළදරුවන්, උගත් හා විශ්වාසවන්ත දරුවන් සහ දක්ෂ තරුණ තරුණියන් සඳහා ChildFund Sri Lanka අඛණ්ඩව මැදිහත්වීම සිදු කරයි.

RECENT ARTICLES - SINHALA

අනුර ස්වීඩනයට

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනය වෙත පිටත්ව ගොස් තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ ඔහු දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව...

කූට ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ජාවාරමක්

නීති විරෝධී ලෙස කොටස් එකලස් කරන ලද යතුරුපැදි, ව්‍යාජ ලිපි ලේඛන සකසා අලෙවි කළ ස්ථාන තුනක් පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වටලා තිබෙනවා. පොලිසිය...

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර තවත් ඍජු ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කරමින්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අරගලයේ වෙනස අපි පටන් ගන්න සුදානම්-නාමල්

අරගල සමයේ සටන් පාඨය බවට පත්වූ ක්‍රම වෙනසක් ඇති කිරීම සිය පක්ෂය තුළින්ම ආරම්භ කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු...