29.4 C
Colombo
Friday, April 26, 2024

ශ්‍රී ලංකාවේ චීන හමුදා කදවුරක් පිහිටුවීමට යන බවට ඇමරිකාවෙන් නිවේදනයක්

- Advertisement -

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මූලස්ථාන ගොඩනැගිල්ල වන පෙන්ටගනය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ හමුදා කදවුරක් පිහිටුවීමට චීනය මේ වන විටත් සළකා බලමින් සිටින බවයි.

පෙන්ටගනය විසින් “චීන මහජන සමූහාණ්ඩුව සම්බන්ධ හමුදා සහ ආරක්ෂක වර්ධනයන්” යන මැයෙන් ඊයේ (03) නිකුත් කළ වාර්තාවේ මේ බව සදහන් වනවා.

එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ චීනය තම දුරස්ථ යුධ බලය පවත්වාගෙන යාමේ උත්සහය තවදුරටත් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13 ක හමුදා කඳවුරු හෝ සැපයුම් පහසුකම් පිහිටුවීමට සලකා බලමින් සිටින බවයි.

එම වාර්තාවේ සදහන් වන අනෙකුත් රටවල් වන්නේ සිංගප්පූරුව, පකිස්ථානය, මියන්මාරය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තායිලන්තය ඇතුළු රටවල් කිහිපයකි.

කෙසේ වෙතත් මීට පිළිතුරු දෙමින් මෙරට චීන තානාපති කාර්යාලය “සොරෙකු විශ්වාස කරන්නේ සැවොම සොරකම් කරන බවයි” යනුවෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

චීන තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ ඇමරිකාව ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදා කඳවුරු සහ හමුදා භට කණ්ඩායම් ඉවත් කර ගත්තද, වෙනත් රටවල්වල හමුදා කඳවුරු 750ක් පමණ පවත්වාගෙන යන බවයි.

එමෙන්ම එම කදවුරු සඳහා ආර්ථික, දේශපාලනික, සමාජීය සහ පාරිසරික යන අංශ වලින් විශාල පිරිවැයක් දරණ බවද තානාපති කාර්යාලය පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් ඇමරිකාවේ නිවේදනය ප්‍රතික්ෂේප කරන කිසිදු ප්‍රකාශයක් එම ට්විටර් පණිවුඩයේ සඳහන් නොවීමද විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

මෛත්‍රීගේ පාස්කු මහමොළකරු කතාවට ටිරාන්ගෙන් උත්තර

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු හෙළි කර...

නව පත්කිරීම් කිහිපයකට අනුමැතිය

නව තානාපතිවරයෙක්, අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ ආයතන සභාපතිවරයන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබෙනවා. ඒ අනුව...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...