චීනයේ නිෂ්පාදිත ජේ10සී ප්‍රහාරය ගුවන් යානා 36 ක් මිලදී ගැනීමට ඉරානය සුදානම් වන බව වාර්තා වේ.
කෙසේවෙතත් ඉරානයේ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මෙම ගනුදෙනුව සම්පූර්ණ කිරීම සදහා ගැටලු මතුව ඇතැයි සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පත වාර්තා කර තිබේ.
මේ සදහා අවශ්‍ය ඩොලර් බිලියන 06 ක මුදලින් ඩොලර් බිලියන 03ක් කටාර් රාජ්‍යයෙන් ඉරානයට ලබාදී ඇත.
විදේශ විනිමය හිගය හේතුවෙන් සෙසු ඩොලර් බිලියන 03 වෙනුවට චීනයට තෙල් සහ ගෑස් සැපයීමට ඉරානය කැමැත්ත පළකර ඇතත් චීනය තවමත් මේ සදහා කැමැත්ත පළකර නැතැයි වාර්තා වේ.
යුද උපකරණ ආනයනය සම්බන්ධයෙන් වසර 13 ක් පමණ ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වූ එක්සත් ජාතීන්ගේ තහනම පසුගිය ඔක්තෝබර් මාසයේදී ඉවත් කිරීමත් සමග චීනය සහ ඉරානය මෙම ප්‍රහාරක යානා ගනුදෙනුවට මුලපුරා තිබේ.