ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජපාන අගමැති යොෂිඩු සුගා විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් චීනය සිය අප්‍රසාදය පළකර තිබේ.
නායකයන් දෙපළ අතර ඇමරිකාවේදී පැවති සාකච්ඡාවලින් අනතුරුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනය මගින් තායිවානයේ සාමය සහ ස්ථාවරත්වය ඇති කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ යුතු බව සදහන් කර තිබිණ.
මෙය ආසියා පැසිපික් කලාපයේ බෙදීම් ඇතිකරවන්නක් බවත් තායිවාන ගැටලුවට තවත් පාර්ශවවල මැදිහත්වීමක් බවත් ඇමරිකාවේ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ.
ඇමරිකානු සහ ජපාන නායකයන් අතර පැවති මෙම සාකච්ඡාවේදී දෙරට අතර ආයෝජන වැඩි දියුණු කිරීම සහ තාක්ෂණ හුවමාරුව සමිබන්ධයෙන්ද එකගතා රැසක් ඇති කරගනු ලැබිණ.