29 C
Colombo
Friday, May 3, 2024

චීනය දිගටට හරහට ගල්ෆ් රටවලට ආයුධ විකුණයි

- Advertisement -

වර්ධනය වෙමින් පවතින ආරක්ෂක තර්ජනවලට මුහුණ දීම සඳහා මැද පෙරදිග රටවල් ඔවුන්ගේ ආයුධ සැපයුම්කරුවන් විවිධාංගීකරණය කිරීමට කටයුතු කර ඇති බවත් එහිදී වැඩිවන ඉල්ලුම සැපයීමට චීනය ස්ථානගත වී ඇති බවත් වාර්තා වේ.

මේ අතර, චීනය ඉරානයේ නියෝජිතයන් අතට ඔවුන්ගේ තාක්ෂණය ඇතුළු වීම වැළැක්වීමට කිසිවක් නොකරන බවට අන්තර්ජාතික ප්‍රජාවෙන් චෝදනාවක් එල්ල වී තිබේ.

ආසන්න පෙරදිග කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් බාබරා ලීෆ් පවසා ඇත්තේ, මෑත වසරවලදී ඉරාන සහය ලබන සන්නද්ධ කණ්ඩායම් විසින් භාවිතා කරන ලද මිනිසුන් රහිත සන්නද්ධ වාහන (UAVs) චීනය විසින් සපයා ඇති බවයි.

මේ අතර ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය (IRGC) චීනයෙන් ඩ්‍රෝන යානා ලබාගෙන ඉරාකය, සිරියාව, ලෙබනනය සහ යේමනය පුරා පැතිරී ඔවුන්ට හිතවාදී සන්නද්ධ කණ්ඩායම් වෙත ලබා දීමට ඒවා නැව්ගත කරන බව ද වාර්තා වේ.

විශේෂයෙන්ම චීනය විසින් සපයන ලද ඩ්‍රෝන යානා, ඉරානයේ පිටුබලය ලබන ත්‍රස්තවාදී සංවිධානවල අවි ගබඩාවල ප්‍රධාන කොටස් බවට පත්ව ඇති බව පැවසේ.

2019 දී යේමනයේ ඉරාන පිටුබලය ලබන හූතිවරු සෞදි තෙල් නිෂ්පාදන ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම ඩ්‍රෝන යානා යෙදවූ බව සදහන් වේ.

2022 අගෝස්තු මාසයේදී ඉරානයේ සහාය ඇති ත්‍රස්තවාදීන් ගිනිකොනදිග සිරියාවේ එක්සත් ජනපද හමුදා මුරපොලවල් වෙත ද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ මෙම යානා යොදාගනිමින් බව පැවසේ.

දෘඩාංගවලට අමතරව, ඩ්‍රෝන ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා චීනය ඉරානයට නවීන චන්ද්‍රිකා සහ සන්නිවේදන තාක්‍ෂණය සපයනු ලබන බව ද සදහන් වේ.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...