28.2 C
Colombo
Saturday, April 27, 2024

චීන යුද අභ්‍යාස නිසා ගුවන් ගමන්වලටත් බාධා

- Advertisement -

අමෙරිකානු කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට එරෙහිව චීනය ආරම්භ කර ඇති යුද අභයාසය හේතුවෙන් ජාතයන්තර ගුවන් ගමන්වල ද බාධා එල්ල වී තිබේ.

එහි ප්‍රථිපලයක් ලෙස ජාතයන්තර ගුවන් සමාගම් කිහිපයක්ම තායිවානයේ තායිපේ වෙත ගුවන් ගමන් සිදු කිරීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව සෝල් නුවර සිට තායිපේ අතර සිකුරාදා සහ සෙනසුරාදා සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් ගමන් සියල්ල අවලංගු කර ඇතැයි දකුණු කොරියානු ගුවන් සමාගම උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.

ඊට අමතරව සිකුරාදා දිනයට සැලසුම් කර තිබූ සිංග්ප්පූරුව සහ තායිපේ අතර ගුවන් ගමන් කටයුතු ද අවලංගු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේවෙතත් ජපාන ගුවන් සමාගම් 2 ක් පැවසුවේ තායිපේ වෙත සිදු කරන ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන් බවයි.

සිකුරාදා දිනයේදී තායිපේ වෙත සිදුකිරීමට නියමිත ගුවන් ගමන් තොරතුරු එමිරේට්ස් ගුවන් සමාගම ද සිය වෙබ් අඩවියට ඇතුලත් කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් හොංකොං ගුවන් සමාගමක් පැවසුවේ අවදානම් සහිත තායිවාන ගුවන් කලාපය භාවිතයෙන් තාවකාලිකව වැළකී සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...