28 C
Colombo
Sunday, October 1, 2023

සොලමන් දූපත් – චීන ආරක්ෂක ගිවිසුමට විරෝධයක්

- Advertisement -

සොලමන් දූපත් සහ චීනය අතර අත්සන් තබා ඇති ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ඔවුන්ගේ කනස්සල්ල මතු කර තිබේ.

ඒ, එමගින් ඉන්දු-පැසිෆික් කලාපය තුළට චීන හමුදාවට පැමිණීමට ඉඩ සලසන බව සදහන් කරමිනි.

මෙමගින් ඉන්දු පැසිෆික් කලාපයේ චීනයේ යුධ ක්‍රියාකාරකම් වැඩිවීම මෙන්ම කලාපය අස්ථාවර කළ හැකි තත්වයන් නිර්මාණය විය හැකි බව ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය පෙන්වා දී තිබේ.

ගිවිසුමත් සමග සොලමන් දූපත් චීන හමුදා සඳහා උපායශීලී නැවතුම්පොළක් ලෙස ද භාවිතා කළ හැකි බව ද සදහන් වේ.

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය මෙසේ සිය කනස්සල්ල පළ කර ඇත්තේ මාර්තු 24 වන විට, සොලමන් දූපත් සහ චීනය ආරක්ෂක ගිවිසුම අත්සන් කර ඇති බව පසුගිය දා හෙළිවීමත් සමගිනි.

ඕස්ට්‍රේලියාව බිය ගැන්වීම සඳහා සොලමන් දූපත්වල නාවික කඳවුරක් ඉදිකිරීම චීනයේ අභිප්‍රාය බව ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති බාර්නබි ජොයිස් සදහන් කරයි.

සොලමන් දූපත් කෙරෙහි චීනයේ බලපෑම අවම කිරීම සඳහා ඕස්ට්‍රේලියාව එරටට මීට පෙර යටිතල පහසුකම් සංවර්ධනය සදහා විශාල වශයෙන් ආධාර ලබා දී තිබිණ.

RECENT ARTICLES - SINHALA

සුදු ඉර මතදී හෙදියට වූ හදිය

පදික මාරුවෙන් ගමන් කරමින් සිටි ගැබිනියකගේ අධික වේගයෙන් පැමිණි ත්‍රීරෝද රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් බරපතළ තුවාල ලැබු ගැබිනිය මේ වනවිට කොළඹ ජාතික රෝහලට...

කාර්මික දෝෂ නිසා අදත් ගුවන් ගමන් දෙකක් අවලංගුයි

අද (01) පෙරවරු 8.20ට පමණ නේපාලයේ - කත්මන්ඩු නුවර දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබු ගුවන් ගමනක් අවලංගු කර තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන්...

සීතා ඇතින්නියගේ පපුවේ උණ්ඩ 7ක්

මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළට උණ්ඩ  හතක්  වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...