27 C
Colombo
Saturday, June 10, 2023

චීනයේ Zhurong රෝවරය අඟහරු මතට ගොඩබායි

- Advertisement -

චීනය විසින් අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථකව ගොඩබැස්වූ බව එරට රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබේ.

“ෂූරෝන්“ (Zhurong robot) නමැති යානය චීනය විසින් මෙලෙස අඟහරු ග්‍රහයා වෙත ගොඩබස්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පෘථිවිය හැර වෙනත් ග්‍රහලෝකයකට චීනය රෝවරයක් යොමුකළ පළමු අවස්ථාව මෙයයි.

යානය නවතා තිබූ තැන සිට එරට වේලාවෙන් අලුයම 1.00ට පිටත්ව ගොස් ඇති අතර යානය පැය 03කට පසු කක්ෂයෙන් වෙන් වී අඟහරු වෙත ඇතුළු වී තිබේ.

කිලෝග්‍රෑම් 240ක බරකින් යුක්ත වන රෝද 6 කින් සමන්විත එම යානය සූර්ය පැනල මගින් බලගන්වා තිබේ.

රෝවරය අඟහරු පෘෂ්ඨයේ පස හා වායුගෝලය පිළිබඳව මෙන්ම අඟරු මත ජලය සහ අයිස් සහ ජීවි පැවැත්මක සලකුණු තිබුණේ ද යන්නත් විමර්ශනය කිරීමට නියමිතය.

පෘථිවියේ සිට අඟහරු ග්‍රහයා වෙත පවතින දුර කිලෝමීටර් මිලියන 320ක් වන අතර අඟහරු ග්‍රහයා මත පළමු වරට අභ්‍යවකාශ යානයක් ගොඩබස්වනු ලැබුවේ අමෙරිකාව විසිනි.

ඒ අනුව අඟහරු ග්‍රහයා මත අභ්‍යවකාශ යානයක් සාර්ථක ගොඩබැස්වු දෙවන රට බවට චීනය පත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.