31 C
Colombo
Wednesday, March 29, 2023

බැංකු වංචා නිසා දෙදරන චීන ආර්ථිකය

- Advertisement -

පසුගිය අප්‍රේල් මාසයේ දී චීනයේ හෙනාන් පළාතේ කුඩා පරිමාණයේ බැංකු කිහිපයක් කඩා වැටීමක් පිලිබදව පළමු වරට වාර්තා වුණා .

මූල්‍ය විශ්ලේෂකයන් කිහිපදෙනෙකුගේම මතය වී ඇත්තේ එය චීනයේ සමස්ත බැංකු පද්ධතියේම දෙදරා යාමකට හේතු වනු ඇති බවයි.

ප්‍රාදේශීය බැංකු කිහිපයක සිදුවූ මහා පරිමාන මූල්‍ය අක්‍රමිකතාවක් මීට හේතු වී ඇති බව විදෙස් වාර්තා වල දැක්වුණා.

වාර්තා වන ආකාරයට ජාතියේ විශාලතම බැංකු වංචාව ලෙස හඳුන්වන මෙම බැංකු වංචාවේ දී යුවාන් බිලියන 40 ක (එක්සත් ජනපද ඩොලර් බිලියන 6 ) තැන්පතු අතුරුදන් වී තිබෙනවා.

මේ පිළිබඳ ජනතා කෝපය උත්සන්න වූයේ ප්‍රාදේශීය බැංකු පද්ධතිය විසින් මහජන මුදල් ජනතාව වෙත නිදහස් නොකිරීම හේතුවෙන්.

මෙම බැංකු වංචාව පිළිබඳ සිදුකළ විමර්ශනයකදී හෙළි වී ඇත්තේ පුද්ගලික ආයෝජන සමාගමක් වන Henan Xincaifu Group Investment Holding සමාගම කඩා වැටුණු බැංකු හතරෙහි සේවකයින් සමඟ හවුල් වී තැන්පතු ලබාගෙන අන්තර්ජාලය හරහා මූල්‍ය ණය දීම සඳහා එම මුදල් යොදා ගෙන ඇති බවයි.

තැන්පත්කරුවන්ගෙන් බොහෝ දෙනෙක් මෙම නීති විරෝධී ක්‍රියාකාරකම් ගැන දැන නොසිටි අතර ජනතාවගේ ඉතුරුම් සඳහා ඉහළ පොලී හෝ සහනාධාර කිසි විටෙක ලබා දී නැති බව චීන මාධ්‍ය වාර්තා වල සඳහන්.

දුර්වල අධීක්ෂණය, දුර්වල අවදානම් කළමනාකරණය සහ හෙනාන්හි කුඩා ග්‍රාමීය බැංකු බංකොලොත් භාවයට ඇද දැමූ දූෂණය ඒ අනුව ඩොලර් ට්‍රිලියන 14කට ආසන්න වත්කම් සහිත රටේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ බැංකු 4,000කට ආසන්න සංඛ්‍යාවකට බලපෑම් කරනු ඇතැයි වාර්තා වනවා.

මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් වෙනත් සමාන බැංකු ද ඉක්මණින් අසාර්ථක වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

කුඩා බැංකු විශාල සංඛ්‍යාවක් එක්වර අසමත් වුවහොත්, එවැනි සිදුවීමක් මුල්‍ය අංශයේ ස්ථාවරත්වයට තර්ජනයක් වන දාම ප්‍රතික්‍රියාවක් ඇති කිරීමට හේතු  වන අතර එය සමස්ථ චීන ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරණු ඇති.

තත්ත්වය මෙසේ වෙද්දී චීනයේ හෙනාන් පළාතේ සිය ගණනක් ජනයා පසුගිය ඉරිදා බැංකු ඉදිරිපිට  විරෝධතාවයකට සහභාගී වූ අතර එහිදී  නාඳුනන පුද්ගලයින් පිරිස් සමඟ ඇති වූ ගැටුම්  හේතුවෙන් එය  ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තිබෙනවා.

විරෝධතාකරුවන් පැවසුවේ, බැංකු අභ්‍යන්තර මෙහෙයුම්  පද්ධති  වැඩිදියුණු කළ යුතු යැයි කියමින්  ඔවුන්ගේ තැන්පතු අත්හිටුවා ඇති නමුත් ඉන් එහා දෙයක් බලධාරීන් විසින් සන්නිවේදනය කර නොමැති බවයි.

යුවාන් බිලියන 39ක් ($5.8bn; £bn 4.9bn) සිය දහස් ගණනක් වූ ප්‍රාදේශීය ප්‍රදේශවල ජීවත් වන  චීන පීඩාවට පත් කරමින් අත්හිටුවා ඇති බව විදෙස් වාර්තා වල සදහන්.

කෙසේ වෙතත් චීන් බලධාරීන් පසුව කියා සිටියේ ගැටලුව විසඳීමට සැලැස්මක් කඩිනමින් ප්‍රකාශයට පත් කරන බවයි.

බැංකු හතර සම්බන්ධ සිදුවීම පසුගිය මස මුලදී අවධානයට ලක්වූ අතර සමහර බැංකු ගනුදෙනුකරුවන් විරෝධතා දැක්වීම වැලැක්වීම සඳහා බලධාරීන් විසින් ඔවුන්ගේ සංචරණ සීමා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

පසුගිය ඉරිදා, හෙනාන්හි අගනුවර වන ෂෙන්ග්ෂෝහි චීන මහ බැංකුවට යන පඩිපෙළ මත හිඳගෙන විරෝධතාකරුවන් බැනර් අතැතිව සිය විරෝධය පල කිරීමට එක්වුණා.

කෙසේ වෙතත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පවසන්නේ පොලිසිය එම ස්ථානයට පැමිණ සිටි අතර විරෝධතාකරුවන්ට ඉවත් වන ලෙස දන්වා ඇති බවයි.

එහිදී ටික වේලාවකට පසු, ආරක්ෂක නිලධාරීන් යැයි විශ්වාස කරන , නමුත් සිවිල් ඇඳුමින් සැරසුණු නාඳුනන මිනිසුන් පිරිසක් විරෝධතාකරුවන් වෙත ළඟා වී තිබෙනවා.

සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝවල දැක්වෙන්නේ මෙම මිනිසුන් විරෝධතාකරුවන්ට තල්ලු කරමින් පහර දෙන ආකාරයයි.

පෙළපාළිය සඳහා, හෙනාන් වෙත ගිය එක් විරෝධතාකාරියක් බීබීසී චීන සේවයට පැවසුවේ තමන් බලපෑමට ලක් වූ එක් බැංකුවක යුවාන් 100,000 කට වඩා ඉතිරි කර ඇති බවත් සමහර විරෝධතාකරුවන්ට  අදාළ පිරිස් විසින් දැඩි ලෙස පහර දුන් බවයි.

“පොලිස් නිල ඇඳුමින් සැරසී නොසිටි පිරිසක් අප දෙසට දිව ආවා. ඔවුන්  මිනිසුන්ට තදින් පහර දුන්නා,” වැන්ග් මහත්මිය ලෙස පමණක් සිය අනන්‍යතාවය හෙළිකල ඇය විදෙස් මාධ්‍ය හමුවේ මෙලෙස පැහැදිලි කර තිබෙනවා.

“මම දැක්කා මගේ ළඟම කණ්නාඩි දාගෙන ඉන්න මිනිසෙක් , ඔහුගේ  මුහුණ පුරා ලේ ගලනවා, ඔහුගේ හිසේ සිට නාසය දක්වා ලේ ගලනවා, මම ඒ මොහොතේ විශේෂයෙන් බය වුණා.” ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පසු දිනයේදී, විරෝධතා ගැන කිසිද සඳහනක් නොකර ප්‍රාදේශීය පොලිසිය පැවසුවේ බැංකු පිළිබඳ විමර්ශනවල ප්‍රගතියක් ලබා ඇති බවයි.

බැංකු ගණුදෙනුකරුවන්ගේ විරෝධතා ආරම්භ වූ අප්‍රේල් මාසයේ සිටම රජය දිගින් දිගටම එම විරෝධතා පාලනය කිරීමට උත්සහ ගෙන තිබුණ ආකාරය දෙස බැලීමේ දී ඒ අඳුරු යටගියාව චීන වැසියන්ට යළිත් සිහිවීම එතරම් පුදුමයක් වන්නේ ද නැහැ.

බලධාරීන් මුලින්ම මිනිසුන්ගේ ස්මාර්ට් ෆෝන්වල කොවිඩ් පරීක්ෂණ කේතය රතු පැහැයට හරවා තැන්පත්කරුවන්ගේ සංචලනය සීමා කිරීමට උත්සහ කළ අතර එමඟින් ඔවුන්ට පොදු ප්‍රවාහනය හෝ තමන්ගේම මෝටර් රථවලින් ගමන් කිරීම පවා තහනම් වුණා.

කොවිඩ් ආසාධනය නොවුණු විට පවා සිය ජංගම දුරකථනයෙහි කොවිඩ් කේතයන් රතු පැහැයට හැරෙන බවට මිනිසුන් විසින් හෙළි කීරිමත් සමඟ හෙනාන් පළාතේ බලධාරීන්ට එම අපකීර්තිමත් මර්දන උපක්‍රමය හකුළා ගැනීමට සිදු වූ බවයි පැවසෙන්නේ.
“ThousandsofDepositersBeseigedatChinaCentralBankinZhengzhou” යන හැෂ් ටැගය ඉරිදා මධ්‍යම වන විට සමාජ මාධ්‍ය වෙබ් අඩවිය වන Weibo හි මිලියන 12 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, එය පසුව වාරණයට ලක් වූ බව පෙනී ගිය අතර, “අදාළ රෙගුලාසි සහ නීතිවලට අනුව මාතෘකාව [නොපෙන්වනු ඇත]” යන පණිවිඩය මගින් ප්‍රතිස්ථාපනය වන බව විදෙස් වාර්තා වල සදහන්.

අප්‍රේල් මාසයේදී, New Oriental Country Bank of Kaifeng, Zhecheng Huanghuai Community Bank, Shangcai Huimin County Bank සහ Yuzhou Xin Min Sheng Village බැංකුව ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ගේ තැන්පතු අත්හිටුවා ඇත.

එතැන් සිට, ගනුදෙනුකරුවන් දහස් ගණනක් ඔවුන්ගේ මුදල් ආපසු ගැනීමට උත්සාහ කිරීම සඳහා Zhengzhou වෙත ගමන් කරමින් සිටිති.

කුඩා විරෝධතා මේ වන විට පුපුරා ගොස් ඇති අතර, මැයි 23දා විශාල පෙලපාලියකින් එය  කූටප්‍රාප්තියට පත්වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

Zhengzhou වෙත පැමිණි සමහර බැංකු ගනුදෙනුකරුවන් පසුව පැවසුවේ ඔවුන්ගේ Covid-19 ලුහුබැඳීමේ යෙදුමේ ගැටළු වලට මුහුණ දී ඇති බවත්, බොහෝ චීන නගරවල පදිංචිකරුවන්ට ගොඩනැගිලි සහ සාප්පු වලට ඇතුළු වීමට, පොදු ප්‍රවාහනය භාවිතා කිරීමට හෝ නගරයෙන් පිටවීමට අවශ්‍ය වන බවයි.

මෙම තත්ත්වය රතු පැහැයට හැරේ නම්, එයින් පෙන්නුම් කරන්නේ පුද්ගලයා මෑතකදී Covid සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර ඇති බව හෝ Covid ඇති බවට සැක කරන අතර දින 14ක් නිරෝධායනය කළ යුතු බවයි.

බැංකු හතරේ සමහර ගනුදෙනුකරුවන් කියා සිටියේ ඔවුන් කිසිදු කොවිඩ් රෝගියෙකු සමඟ සම්බන්ධ වී නොතිබුණද ඔවුන්ගේ තත්ත්වය රතු වී ඇති බවයි.

එක් බැංකු ගණුදෙණුකරුවෙකු බීබීසී චීන සේවයට පැවසුවේ ඔහුගේ මුදල් පිටතට ගැනීමට නොහැකි වූ ඇගේ පියා මෑතකදී ෂෙන්ග්ෂු වෙත ගොස් එහි “තත්වය අවබෝධ කර ගැනීමට” ගිය බවයි.

“ඔහු ආපසු පැමිණි පසු ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය රතු ලෙස (covid 19 )දැක්වුණා. අපගේ තත්ත්වය රතු වූ පසු මගේ මුළු පවුලම දැන් නිරෝධායනය වී ඇත.”

චයිනා කෝවිඩ් යෙදුම විරෝධතා වලින් පසුව පදිංචිකරුවන් සීමා කිරීමට භාවිත කර තිබෙනවා.

චීන බැංකු හා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පසුගිය මාසයේ ප්‍රකාශ කළේ ගමේ බැංකුවල ප්‍රධාන කොටස් හිමියා වන Henan New Fortune නම් සමාගම මහජන මුදල් ලබා ගැනීම සඳහා තෙවන පාර්ශවීය වේදිකාවන් හෝ මුදල් තැරැව්කරුවකු භාවිතා කළ බවයි. 

සමාගම මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් සැක කරන අතර බලධාරීන් මේ වන විට පරීක්ෂණ පවත්වයි.

ඉරිදා, හෙනාන්හි පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ “නඩුවේ විමර්ශනය පිළිවෙළකට සිදු කරන” බවයි.

චීන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන සීසීටීවී නිලධාරියෙකු උපුටා දක්වමින් කියා සිටියේ පළාත් පාලන ආයතනය ගනුදෙනුකරුවන් කොපමණ මුදලක් බැංකුවල තැන්පත් කර තිබේද යන්න තහවුරු කිරීමට කටයුතු කරන බවයි.

අර්බුදය විසඳීමේ සැලැස්මක් “නුදුරු අනාගතයේදී ප්‍රකාශයට පත් කරනු ඇති” බව නිලධාරියා පැවසීය.

ඒ අනුව මාස ගනනාවක් තිස්සේ යුවාන් බිලියන ගනනක තැන්පතු සඳහා ප්‍රවේශය ප්‍රතික්ෂේප කර ඇති කෝපාවිෂ්ට ගනුදෙනුකරුවන් සතුටු කිරීමට චීන බලධාරීන් මේ වනවිට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා.

චීන බැංකු හා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ප්‍රාදේශීය කාර්යාලවලට අනුව යුවාන් 100,000 (ඩොලර් 14,800) දක්වා තැන්පතු සහිත මධ්‍යම පළාතේ හෙනාන් සහ අන්හුයි හි ග්‍රාමීය බැංකු හතරක ගනුදෙනුකරුවන්ට ජූලි 25 සිට ඔවුන්ට අදාළ මුදල් ආපසු ගෙවනු ඇති බව සදහන්.

RECENT ARTICLES - SINHALA

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...