33 C
Colombo
Saturday, May 4, 2024

සුපිරි නළු විජෙයිට එරෙහිව පැමිණිල්ලක්

- Advertisement -

ඉන්දීය මහ මැතිවරණයේ පළමු අදියර තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති අතර එහි දී ප්‍රමුඛ නළුවන් කිහිප දෙනෙකු මැතිවරණ කොට්ඨාශ කිහිපයක දී සිය ඡන්දය භාවිත කරනු දක්නට ලැබුණා.

එම නළුවන් අතර කැපී පෙනුණේ ජනප්‍රිය නළුවෙකු මෙන්ම දේශපාලනඥයෙකු වන ජෝෂප් විජේ චන්ද්‍රසේකර් හෙවත්, තලපති විජේයි.

ඔහු සිය ඡන්දය භාවිත කිරීමට ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණෙන අවස්ථාවේ දී ඔහුගේ ආධාරකරුවන් දෙසිය දෙනෙක් පමණ ඡන්දපොළට පැමිණ ඇති බැවින් එහි දී සිදු වූ බාධාව සලකා සමාජ ක්‍රියාකාරිකයෙකු විසින් ඔහුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් චෙන්නායි පොලීසිය මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

රුසියාවේ දී රූගත වන චිත්‍රපටයේ රූගත කිරීම් අතරමග නවතා දමා ඡන්දය භාවිත කිරීම සඳහා පෙරලා ඉන්දියාවට පැමිණ ඇති සුපිරි නළු විජේ තමිල්නාඩුවේ නීලංකාරී ඡන්ද මධ්‍යස්ථානයේ දී සිය ඡන්දය පාවිච්චි කර තිබු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍යංශ දෙකක විෂය පථ වෙනස් කරමින් අති විශේෂ ගැසට්‌ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාව යටතේ ඔහුට...

මෙරට සමස්ත ජනගහනය පහළට

ශ්‍රී ලංකාවේ ජනගහනය 144,000කින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය...

හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දුගේ කාලයේ මහජන පැමිණිලි විමර්ශන 43%කින් පහළට

ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතාගේ සභාපතිත්වයෙන් යුත් පොලිස් කොමිසම පැවැති කාලසීමාවේ දී මහජන පැමිණිලි විමර්ශන ප්‍රගතිය 70%...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...