32 C
Colombo
Wednesday, May 8, 2024

ගුරුවරුන් 25 ක් මියගිය බවට සිළුමිණ පුවත්පතෙහි පලවූ අසත්‍ය පුවත පිළිබදව ජනමාධ්‍ය ඇමතිට පැමිණිල්ලක්

- Advertisement -

පසුගිය ඉරිදා (29) සිළුමිණ පුවත්පතෙහි මුල්පිටුවේ පළවූ පුවතක් මගින් ගුරුවරුන්ට බරපතල අපහාසයක් සිදුකර ඇති බවට ගුරු සංගම් කිහිපයක් එක්ව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ ලිපියෙන් ගුරු සංගම් පෙන්වා දී ඇත්තේ ජාතික පුවත්පතක් වන සිළුමිණ පුවත්පතෙහි ගුරු උද්ඝෝෂණයට සහභාගීවූ ගුරුවරුන් 25 ක් මරණයට පත්ව තවත් 400 ක් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව ඇති බවට මුල් පිටුවේ පුවතක් පලකර ඇති බවයි.

පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සිළුමිණ පුවත්පතට හෙළිකළ බව පවසා පලකර ඇති මෙම පුවතේ මියගිය බවට සඳහන් කර ඇති ගුරුවරුන් 25 දෙනාගේ නම් හෝ සදහන් නොවන අතර සෞඛ්‍ය අංශ මගින් තහවුරු කළ යුතු කරුණක් පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනිය උපුටා දක්වමින් වාර්තා කිරීම කුමන මාධ්‍ය සදාචාරයක්දැයි ගුරු වෘත්තීය සංගම් ප්‍රශ්න කරනවා.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසදීමට පත්කළ අමාත්‍ය අනුකමිටුව නියෝජනය කරමින් සිටින අතරතුරදී ඔහුගේ යටතේ පවතින රාජ්‍ය මාධ්‍ය ආයතනයක මෙවැනි පුවතක් පලකරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පලකරන බව එම ලිපියෙහි සඳහන්.

පදනමක් නොමැති මෙම පුවත මගින් මේ වන විට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පිළිබදව වෛරී හැඟීමක් ජනතාව තුළ ඇතිකරන බවත් මේ සම්බන්ධයෙන් සොයා බලා වහාම අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ලිපිය මගින් ගුරු වෘත්තීය සංගම් ඉල්ලා සිටිනවා.


RECENT ARTICLES - SINHALA

නාන තටාකයකට වැටී හෝටල් සේවකයෙක් මරුට

රඹුක්කන පොලිස් වසමේ කඩිගමුව, ලබුගොල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක සේවකයෙකු එහි නාන තටාකයට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ  මියගොස් ඇත්තේ 37 හැවිරිදි පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය පවසන්නේ,...

නුවරඑළිය තැපැල්හල ඉන්දීය සමාගමකට ලබාදීම වළක්වන්න අතුරු තහනමක් ඉල්ලන පෙත්සම යළි කැඳවීමට නියෝග

පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස නම් කර ඇති නුවරඑළිය තැපැල් කාර්යාලය සංචාරක හෝටලයක් ලෙස භාවිත කිරීම සඳහා ඉන්දියානු සමාගමකට ලබාදීමට ගෙන ඇති පියවර වළක්වන...

දුම්රිය ප්‍රතිව්‍යුහගත යෝජනා මසක් තුළ කැබිනට්ටුවට

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මාලාව ඉදිරි මාසය ඇතුළත කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් රංජිත් රූබසිංහ මහතා සඳහන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...