29 C
Colombo
Sunday, May 5, 2024

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සමඅනුග්‍රාහකත්ව රටවල කණස්සල්ල

- Advertisement -

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරුණු 46/1 යෝජනාවේ සඳහන් කරුණු ඉටුකිරීමේ ප්‍රගතියක් නොපෙන්වීම පිළිබඳ එක්සත් රාජධානිය ඇතුලු යෝජනාවේ සමඅනුග්‍රාහකත්ව රටවල් සිය කණස්සල්ල පල කරනවා.

එම යෝජනාව ඉදිරිපත් කළ කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව, මාලාවි, මොන්ටිනීග්‍රෝ සහ එක්සත් රාජධානිය යන රටවල් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මේබව සඳහන් කර තිබෙනවා.

යුධ සමයේ සිදුවූ බව කියන සිද්ධින් පිලිබඳ විමර්ශනයක් කරන ලෙසත් , සුලුතර ආගමික කණ්ඩායම්වල ඇතුලු සියලු දෙනාගේ මානව හිමිකම් සුරක්ෂිත කරන ලෙසත් 46/1 යෝජනාවෙන් ඉල්ලා තිබුණා.

යෝජනාව ඉදිරිපත් කළ රටවල් පවසන්නේ ඒ සම්බන්ධයෙන් ප්‍රගතියක් දක්නට නොලැබීම පිළිබඳ තමන් කණගාටු වන බවයි.
සංකේතාත්මක නඩු ගණනාවක් නිෂ්ප්‍රභ කිරීමටත්, එම සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කළ නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩු පැවරීමටත් ශ්‍රී ලංකා රජය ක්‍රියාකර ඇතැයි සම අනුග්‍රාහක රටවල් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ සම්බන්ධයෙන් කඩිනම් ගැඹුරු සහ අපක්ෂපාතී පරීක්ෂණයක් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ ආරක්ෂාව සහතික කරන ලෙසද ඉල්ලා සි⁣ටිනවා.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අඛණ්ඩව භාවිත කිරීම පිළිබඳ මෙන්ම ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයක් නොමැති පුනරුත්ථාපන ක්‍රියාවලියක් හඳුන්වා දීමේ ප්‍රයත්නය පිළිබඳ තමන් දැඩි ලෙස සැලකිලිමත්වන බව අදාල නිවේදනයේ සඳහන්.

නීතිඥ හිජාස් හිස්බුල්ලා නඩු විභාගයකින් තොරව රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් අවධානය යොමු කරවන අනුග්‍රාහක රටවල් කණ්ඩායම පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ දිගින් දිගටම සුලු ජාතීන් සහ විපක්ෂ දේශපාලනඥයින් අත්අඩංගුවට ගැනීම සිදුවන බවයි.

එමෙන්ම මෑතකදී සිදුවූ පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ද ඔවුන් ඉල්ලා සිටිනවා.

46/1 යෝජනාවට අදාළව මානව හිමිකම් කවුන්සිලය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව දිරිමත් කරන බවද කැනඩාව, ජර්මනිය, උතුරු මැසඩෝනියාව, මාලාවි, මොන්ටිනීග්‍රෝ සහ එක්සත් රාජධානිය යන රටවල් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

RECENT ARTICLES - SINHALA

මැලේසියාවේ KFC ශාඛා කිහිපයක් හදිසියේ වසා දැමේ

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට එක්සත් ජනපදය දක්වන සහයෝගයට එරෙහිව දියත් කර ඇති වර්ජන ව්‍යාපාරයට මේ වන විට මාසයක පමණ කල් ගත වී තිබෙනවා....

සහල් දීමනාව නොදුන්නැයි කාන්තාවක් ග්‍රාම නිලධාරිනියට ගහලා

රජය මගින් ලබා දෙන සහල් නොදුන්නැයි උරණවූ කාන්තාවක් කළ පහරදීමකින් ග්‍රාම නිලධාරීවරියක් රෝහල් ගතකර ඇති බව පොලිසිය පවසනවා. මෙසේ රෝහල් ගත කර ඇත්තේ, පනාපිටිය දකුණ...

ඇල්ල – කරඳගොල්ල ගැන අලුත් අනාවරණයක්

උමා ඔයේ බලපෑමක් හේතුවෙන් ඇල්ල, කරඳගොල්ල ප්‍රදේශයෙන් නාය යෑමේ තත්ත්වය සක්‍රීය වී නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...