33 C
Colombo
Wednesday, May 8, 2024

නිදහස් දින උත්සවයට සහභාගි වූ 50 කට කොරෝනා

- Advertisement -

පසුගිය 04 වනදා කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති 73 වන නිදහස් දින උත්සවයට සහභාගි වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භට කණ්ඩායමෙන් 50 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

නිදහස් උත්සවයට සහභාගිවීමෙන් අනතුරුව එම භට පිරිස් සේරුපිට, ගල්කිරියාගම හා අම්පාර පහළලන්ද කඳවුරුවල නිරෝධායනයට යොමුකර සිටියදී සිදුකරන ලද PCR පරීක්ෂණ මගින් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

මේ අතර, නිදහස් දින උත්සවයට සහභාගි වූ කතරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාටත් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබුණා.

නිදහස් උත්සවයට සහභාගිවීමට පෙර සිදුකළ PCR පරීක්ෂණය මගින් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු වී තිබූ නමුත් උත්සවයෙන් අනතුරුව කතරගමට පැමිණ සිදුකළ PCR පරීක්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. බිංගිරිය කර්මාන්ත...

පොහොට්ටුව තවමත් අවසන් තීරණයකට ඇවිත් නැහැ- මහින්ද (වීඩියෝ)

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීම පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් අවසන් තීරණයකට පැමිණ නැති බව හිටපු ජනාධිපති මහින්ද...

පාර්ලිමේන්තුවටයි කතානායකතුමාටයි නිදහසක් ලැබිලා

සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවට ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව පිළිබඳ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...