28 C
Colombo
Friday, May 3, 2024

සුදු අරලිය හෝටලයට අධිකරණයෙන් දඩ

- Advertisement -

පරාක්‍රම සමුද්‍රයට ජලය ගලාබසින තෙප්පන් ඇළ ආසන්නයට, අපවිත්‍ර ජලය බැහැර කළ පොළොන්නරුව සුදු අරලිය හෝටලයේ කළමනාකරුවෙකුට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 75,000 ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ අදාළ හෝටලයේ නාන තටාකයේ අපවිත්‍ර ජලය සහ මාළු ටැංකියේ ජලය භූ ගත නළයක් මාර්ගයෙන් බැහැර කිරීම ඇතුලු චෝදනා 5 ක් යටතේ.

පොළොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඊයේ(03) හෝටල් කළමනාකාරවරයා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදියි මෙලෙස දඩ නියම කළ බව සඳහන්.

හෝටලයේ සේවකයින් විසින් දෛනිකව මෙය සිදුකර ඇති බවත්, කළමනාකාරවරයා අධිකරණයේදී සඳහන් කර තිබෙනවා.

මෙම වැව විශේෂයෙන් පොලොන්නරුව නගරයේ විශේෂ වැවක් වන අතර, දෙස්, විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවත්, පොලොන්නරුව ජනතාවට පානීය ජලය ලබාගන්න ජල මණ්ඩලය මීටර් 500 ක් ආසන්නව පිහිටා ඇති බවත්, පොලොන්නරුව අභය භූමියේ මෙන්ම යාබද අංගම්මැඩිල්ල උද්‍යානයේ ජීවත්වන වන සතුන්ට මෙන්ම පානීය ජලය භාවිතයට ගන්නා මහජනතාවට මෙම අපවිත්‍ර ජලය බලපාන බවද පොලොන්නරුව අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...