අවදානම සන්නිවේදනයට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සැකැසෙන කොවිඞ් සිතියම මෙම සතියේදී ජනගත කිරීමට හැකිවනු ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘News19’ වෙත අද(7) පැවැසීය.
අවදානම් ප්‍රදේශවල ජනයාටත් ආයතන ප්‍රධානීන්ටත් අවදානම තක්සේරු කරගැනීම අරමුණු කරගනිමින් මෙම කොවිඞ් සිතියම සකස් කෙරෙන්නේ යැයි එම නිලධාරියා කීය.
කොවිඞ් මර්දනයට පසු විපරම හා නියාමනය වැදගත් වුවද ප්‍රායෝගික තලයේදී සෞඛ්‍ය නිලධාරින්ට විශාල ජන පිරිසක් සමග කටයුතු කිරීම දුෂ්කර වී ඇතැයි කී හෙතෙම මෙවැනි පියවරකින් ජනතාවට නිවැරැදිව අවදානම සන්නිවේදනය කිරීමට හැකි වනු ඇතැයි පැවැසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිශ්චිතව කොවිඞ් මර්දන එන්නතක් නිර්දේශ නොකළ පසුබිමක විවිධ විශ්වාසයන් පෙරදැරිව ජනතාව කටයුතු කිරීම අද වනවිට ලෝක ප්‍රවණතාවක් වී ඇතැයි ද එම නිලධාරියා කීය.
ඒ නිසා නිවැරැදිව අවදානම සන්නිවේදනය කිරීමෙන් ජනතාව වැරැදි මාර්ගවලට අවතීර්ණ වීම යම් තරමකට හෝ වලක්වා ගත හැකි වනු ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
තව කියවන්න
- BREAKING – එලිෆින්ස්ටන් රඟහල ඉදිරිපිට සිටි අරගලකරුවන්ට ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක්
- Power cuts during A/L: Supreme Court rejects to issue interim order preventing power cuts
- Two PUCSL members resign
- විදුලි කප්පාදුව ගැන ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි
- මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් ඉවත් වෙයි
- නිදහස් උත්සවයට හෙණ ගැසීම වැළැක්වීමට ලක්ෂ තුනහමාරක් වෙන්කරලා