28.9 C
Colombo
Saturday, April 27, 2024

කොවිඩ් නොමැති බව කියා කොවිඩ් දේහයක් ඥාතීන්ට භාරදීලා (ඡායාරූප)

- Advertisement -

හෘදයාබාධයක් හේතුවෙන් මිය ගිය කාන්තාවකගේ දේහයක් කොවිඩ් ආසාදිත නොවන බව පවසමින් අවසන් කටයුතු සඳහා ඥාතීන්ට භාර දුන්නද පසුව ඇය කොවිඩ් ආසාදිතව සිටි බවට රෝහලෙන් දැනුම් දුන් පුවතක් මාතර – දෙවිනුවර සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාතර – ගන්දරාවත්ත – කුරුඳුතොටවත්ත ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක්.

මෙම කාන්තාවට පසුගිය සැප්තැම්බර් 28 වනදා උදෑසන පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහලට ඇතුළත් කිරීමේදීම ඇය මියගොස් සිට ඇති අතර පසුව සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණයේ ප්‍රතිපල අනුව රෝහලෙන් පවසා ඇත්තේ ඇය කොවිඩ් ආසාදිත කාන්තාවක් නොවන බවයි.

පසුව ඇයගේ දේහය සම්බන්ධ මරණ පරීක්ෂණය මාතර මහ රෝහලේදී සිදුකර මෙම කාන්තාව හෘද්‍යාබාධයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තාවක්ද සහිතව දේහය ඥාතීන් වෙත භාරදී තිබෙනවා.

පසුගිය 28 වනදා රාත්‍රියේ ඇයගේ දේහය දෙවිනුවර – කුරුඳුතොටවත්තේ පිහිටි නිවෙසට රැගෙනවිත් ඇති අතර දේහය පිළිබදව අවසන් කටයුතු අද (30) දිනයේ සිදුකිරීමට නියමිතව තිබුණා.

තත්ත්වය එසේ තිබියදී මියගිය කාන්තාවගේ භාරකරු වශයෙන් රෝහලට විස්තර ලබාදුන් මියගිය තැනැත්තියගේ ලේලියට අද (30) දින උදෑසන දෙවිනුවර සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ නිළධාරීන් දැනුම්දී ඇත්තේ ඇත්තේ මිය ගිය කාන්තාව කොවිඩ් ආසාදිතව සිටි බවයි.

පසුව දෙවිනුවර සෞඛ්‍යය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ නිළධාරීන්ගේ මැදිහත්වීම මත දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු අද පස්වරු 2ට දෙවිනුවර පොදු සුසානභූමියේදී සිදුකළා.

කෙසේ වෙතත් 28 වනදා රාත්‍රියේ සිට ඇයගේ නිවසේ තබා තිබූ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා විවිධ ප්‍රදේශවලින් බොහෝ පිරිසක් පැමිණ ඇති බවට ප්‍රදේශවාසීන් පවසනවා.

මියගිය කාන්තාව සම්බන්ධයෙන් PCR පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිපල එනතෙක් රෝහලේ මෘතදේහය රඳවා නොගෙන කළබලයේ ඥාතීන්ට භාරදී විශාල පිරිසක් අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මාතර මහ රෝහලේ පරිපාලනය වෙත දැඩි අප්‍රසාදය පලකර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

හරක් කටා අධිකරණයෙන් තවත් සහන ඉල්ලලා

මේ දිනවල දැඩි රස්නයක් පවතින නිසා තමා රඳවා සිටින කුටියේ සිටීමට අපහසු බැවින් තමාට විදුලි පංකාවක් ලබාදෙන්නැයි ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමකරුවකු වන නඳුන් චින්තක නොහොත්...

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් ගැන සුසිල්ගෙන් දැනුම් දිමක්

විද්‍යාපීඨ නව බඳවා ගැනීම් සඳහා 60,000ක් ඉල්ලුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. එහි කටයුතු ලබන සතිය වන විට අරඹන බවත් විද්‍යාපීඨ...