කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටත් සති අන්තයේ සංචාරක සීමා පනවන්නේද යන්න තීරණය කිරීමටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කොවිඩ් -19 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (13) පැවැත්වේ.
මේ සඳහා අමාත්‍යවරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු විශේෂඥයින් කිහිප දෙනෙකු සහභාගී වනු ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ලංකාවට තීරණාත්මක බැවින් මහජනතාවගේ ගමනාගමනය සීමා කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා ඊයේ රජයෙන් ඉල්ලීමක් කළා.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ පෙරේදා දිනයේදී වාර්තා වූ අතර ඊයේ දිනයේදී යළිත් කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3000 සීමාව ඉක්මවා ගියා.
මේ වන විටත් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර ඔක්සිජන් මත යැපෙන ආසාදිතයන්ගේ සංඛ්‍යාවද සීඝ්‍ර යෙන් වර්ජනය වී තිබේ.