26 C
Colombo
Saturday, May 11, 2024

ආහාර හිඟය හමුවේ රාගමින් ඇරඹෙන වගා සංග්‍රාමය

- Advertisement -

දිනෙන් දින උග්‍ර වන ආර්ථික අර්බුදය හමුවේ, තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගැනීමේ වගා සංග්‍රාමයක් ‘ත්‍රෛලෝ ත්‍රිවිධ පෙරමුණ’ නම් සංවිධානයක් විසින් මගින් ආරම්භ කර තිබෙනවා.

‘ත්‍රෛලෝ ත්‍රිවිධ පෙරමුණේ සභාපති කායවර්ධන සහ යෝගා උපදේශක සංජය දිසානායක පවසන්නේ ආහාර අර්බුදයක් මතුවිය හැකි බව කල් තබාම අවබෝධ කරගෙන අනුරාධපුර කලා වැව ආසන්නයේ ඇති කුඹුරු කොටසක් ද ඇතුළු අක්කර හය හමාරක පමණ ඉඩමක් මිලට ගෙන සිය සංවිධානය විසින් තමන්ට අවශ්‍ය ආහාර තමන් විසින්ම නිපදවා ගැනීමේ සැලසුම ක්‍රියාත්මක කළ බවයි.

එම පෙරමුණෙහි ලේකම් තරිඳු මැන්දිස් පවසන්නේ මේ වන විට ඔවුන් සිය වගා බිමෙහි වී, මිරිස්, තක්කාලි, කහ, එළවළු වර්ග ආදී එදිනෙදා නිවසට අවශ්‍ය බොහෝ ආහාර බෝග වගා කර ඇති බව‍යි. මෙය කාබනික වගාවක් ලෙස පවත්වාගෙන යාම ද විශේෂත්වයකි.

ඉදිරියේදී මෙහි කිරිගවයින්, කිකිළියන් ආදී සතුන් ද ඇතිකරමින් කිරි බිත්තර ආදියද නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවත් ඔහු සඳහන් කරනවා.

පෞද්ගලික අංශයේ කළමනාකරුවන් ඡායාරූප ශිල්පීන් හා ජ්‍යෙතිෂවේදින් හා විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු තරුණ පිරිසක් මෙම කාර්යෙහි නිරතව සිටින අතර සරල, සුවදායී, නිරෝගී දිවියක් උදා කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතියට එක්වන අයගේ නිවෙස්වලට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය වස විසෙන් තොරව හා පහසුවෙන් සපයා ගැනීම මෙම පෙරමුණෙහි අරමුණ වී තිබෙනවා

මෙම ක්‍රියාවලියට දැනට 15 දෙනකු පමණ මේ සඳහා සම්බන්ධ වී සිටින බවත්, ඉදිරියේදී තවත් පුළුල් කිරීම තම සංවිධානයේ අරමුණ බවත් වසර ගණනාවක් තිස්සේ සිදුකරන ලද පර්යේෂණවලින් සාර්ථක ප්‍රතිඵල ලැබීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවත් මෙහිදී නිශ්පාදනය කෙරෙන සියලු දෑ සාමාජිකයන් අතර බෙදාගන්නා බවත් තරිඳු මැන්දිස් පවසනවා.

මෙම ව්‍යාපෘතියට ඕනෑම අයකු දායකවිය හැකි බවයි එම සංවිධානය පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන ගිය පළමු ශ්‍රී ලාංකිකයා

ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත් වීමට පැරීසියේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපන් තර්ෂන් සෙල්වරාජා සමත් වී තිබෙනවා. සාමාන්‍ය පුරවැසියන්ගේ...

ඩෙංගු මර්දන සතියක්

ජාතික ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය ලබන 26 වැනිදා සිට ජූනි 01 වැනිදා දක්වා ක්‍රියාත්මකයි. මෙම සතිය තුළ දිස්ත්‍රික්ක 17 ක සෞඛ්‍ය වෛද්‍ය...

නන්දලාල් ජුලී බලන්න ගිහින්

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මෙරට අමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ (10) අමෙරිකානු තානාපති කාර්යාලයේ දී මෙම...

POPULAR ARTICLES

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (09) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 293.82ක් ලෙස...

සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන විමර්ශන

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ(09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය whatsapp හරහා සංසරණය වීම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව...