32 C
Colombo
Monday, April 29, 2024

පාස්කු ඉරුදින ප්‍රහාරයේ පෙත්සම සලකාබැලීමට තීරණය කරයි

- Advertisement -

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම විසින් නිකුත්කර තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ගොනුකළ රිට් පෙත්සම සලකාබැලීම සඳහා අභියාචනාධිකරණය දින නියම කළා.

එම පෙත්සම අද (27) කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ ලේඛන ගොනුකරන ලෙස අධිකරණය විසින් පාර්ශවකරුවන්ට නියම කළ අතර සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය ලබාදුන් බව සඳහන්.

ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන සහ පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත්කළ කරුණු සලකාබැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මැයි 09 වනදා කැඳවන ලෙස නියෝග කළා.

පෙත්සම ගොනුකළ කාදිනල් හිමිපාණන් කියා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාලීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව පියවර ගන්නා ලෙස ඒ පිළිබඳව සොයාබැලූ ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් නිර්දේශ නිකුත් කර ඇති බවයි.

එම නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බව පෙන්වා දෙන කාදිනල් හිමිපාණෝ ඒවා ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන් අද වර්ජනයක

වැටුප් විෂමතා ගැටලුවට විසඳුම් ඉල්ලා වෘත්තීය සමිති ක්‍රියාර්ගයකට එළැඹීමට තීරණය කළ බව සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.  එහි ලේකම් ධම්මික මිරිහාන මහතා...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...