33 C
Colombo
Sunday, May 5, 2024

අගෝස්තු පාසල් නිවාඩුව ලබා නොදීමට තීරණයක්

- Advertisement -

ලබන සඳුදා සිට අමතර නිවාඩු නොමැතිව නොවැම්බර් මස අග වන තෙක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, එළඹෙන අගෝස්තු මස නිවාඩුව අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.

නිවාඩු අවලංගු කර අතපසු වූ අධ්‍යයන කටයුතු ආවරණය කිරීමට සැලසුම් කර ඇති අතර ප‍්‍රමාද වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් මස 27 පැවැත්වීමෙන් පසු උසස්පෙළ විභාගය ද නොවැම්බර් 28 සිට දෙසැම්බර් 23 දක්වා කාලය තුළ පැවැත්වීමටත් තීරණය වී ඇති අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ප‍්‍රධාන විෂයන් 24ක් සඳහා පළාත් අන්තර් සම්බන්ධීකරණයක් සහිතව විශ්වවිද්‍යාල පද්ධතිය මගින් පුහුණු සැසි පැවැත්වීමට සැළසුම් කර ඇති බව සඳහන්.

පසුගිය දෙවසරක කාලය තුළ රට තුළ පැවති කොරෝනා තත්වය සහ පවතින අර්බුදකාරි වාතාවරණය හේතුකොටගෙන නිසියාකාරව අධ්‍යාපන කටයුතු කරගත නොහැකිවූ දරුවන් ඉලක්ක කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.


RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...