26 C
Colombo
Friday, February 14, 2025

කබ්‍රාල්ගෙන් මාධ්‍යවේදීන්ට සාදයක්

- Advertisement -

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ඊයේ රාත්‍රියේ (29) සාදයක් සංවිධානය කර තිබුණා.

මෙම සාදය කොළඹ රාමඩා හෝටලයේ පැවති අතර ඊට මාධ්‍යවේදීන් රැසකට ආරාධනා කර තිබෙනවා.

විශේෂයෙන් කොළඹ අධිකරණ පුවත් වාර්තා කරන මාධ්‍යවේදීන් සියලු දෙනා හට ආරාධනා තිබූ අතර සාදයට සහභාගි වූ මාධ්‍යවේදීන් හට රුපියල් 5000/- ක මුදලක් ලබාදී ඇති බවට News19 වෙත වාර්තා වනවා.

මේ වනවිට අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව කොළඹ අධිකරණ කිහිපයක නඩු කටයුතු පැවැත්වෙන බැවින් මාධ්‍යවේදීන් හට මෙම සාදය ලබාදුන් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ඇතැම් අධිකරණ මාධ්‍යවේදීන් මෙම සාදය වර්ජනය කර තිබුණා


RECENT ARTICLES - SINHALA

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...

නවීන් දිසානායකට තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ අද (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...

මිලියන ගණනක මුදල් වංචාවකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවෙක් අත්අඩංගුවට

“Little Harts” නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යමින් මුදල් වංචා කළ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (13)...

POPULAR ARTICLES

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ රෝහල් ගත කරයි

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 2023 වසරේදී ද...

මෙවර ශූරයන්ගේ කුසලාන තරඟයට දෙන මුදල් තෑගි වැඩි කරලා

අට වසරකට පසු පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ (Champions Trophy) ජයග්‍රාහකයන් වෙනුවෙන් දැවැන්ත මුදල් ත්‍යාග ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ අනුව,...

මාලිමා මන්ත්‍රී ගමන් ගත් මෝටර් රථ අනතුර ගැන තොරතුරු හෙළි වෙයි

රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට අද (14) අත්අඩංගුවට ගෙන තිබුණා.  ඒ පුත්තලම සිට මාදම්පේ...