32 C
Colombo
Friday, March 31, 2023

කල් ගිය LPL දෙසැම්බර් 06 ඇරඹේ..!

- Advertisement -

එළඹෙන ආසියානු කුසලානය සහ ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා පෙර සූදානමක් ලෙසින් කණ්ඩායම් 4කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත පන්දුවාර 20 තරගාවලිය ගැන දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව කොළඹ දී පැවැත්වුණා. ඒ තරගාවලියට එක්වන සිව් කණ්ඩායම් නායකයින්ගේ සහභාගිත්වයෙන්.

කල්දමන ලද ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 තරගාවලිය ලබන දෙසැම්බර් මස 6 වැනිදා සිට 23වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය.

මේ අතර තරගාවලිය අරඹමින් පැවති තරගයෙන් ග්‍රේස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කරන්නට රෙඩ්ස් කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ග්‍රේස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගැනීමට හැකිවුණේ ලකුණු 120ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෙඩ්ස් කණ්ඩායම ජයග්‍රාහී ලකුණු 121කේ සීමාව පසුකර ගියේ පන්දුවාර 16යි පන්දු 5ක දී. ඒ කඩුලු 4ක් පමණක් බිඳවැටෙමින්.

මේ අතර දසුන් ශානක නායකත්වය දරණ ග්‍රීන්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 32ක ජයක් වාර්තා කරන්නට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් බ්ලූස් කණ්ඩායමට හැකියාව ලැබුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් බ්ලූස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 122ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ග්‍රීන්ස් කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 3කදී සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 90ක් පමණයි.

RECENT ARTICLES - SINHALA

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

කොල්ලුපිටියේදී 18 හැවිරිදි සිසුවෙක් පොලිස් නිලධාරියෙක් යටකර පළායයි

කොල්ලුපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ කාල්විල් හන්දියේ රථවාහන රාජකාරීවල යෙදී සිටි    පොලිස් නිලධාරියෙකුව එම ස්ථානය පසුකර ගිය වෑන් රථයක් යටකර පළාගොස් තිබෙනවා.

මිරිහානේ ආරක්ෂාව තර කරයි – හේතුව මෙන්න

0
අරගලය ආරම්භ කර වසරක් ගත වීම නිමිත්තෙන් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් මිරිහාන ජුබිලි කණුවේ පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය හේතුවෙන් මිරිහාන පොලීසිය වෙත පොලිස්...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...