25 C
Colombo
Monday, April 29, 2024

මහ ඇමතිව අත්අඩංගුවට ගත්තේ ‘මෝදි’ බය නිසා- ඉන්දීය ආම් ආද්මි පක්ෂය

- Advertisement -

ඉන්දීය විපක්ෂ ප්‍රබල දේශපාලනඥයෙකු වන දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් ඉන්දියාවේ මූල්‍ය අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් දිල්ලිය අනුගමනය කරන ලද ප්‍රතිපත්තිවලට අදාළව දූෂණ චෝදනා එල්ල කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි.

කෙසේවෙතත්, අරවින්ද් කෙජ්රිවාල් අයත් වන ආම් ආද්මි පක්ෂය (AAP) පවසන්නේ මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි.

එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම  දේශපාලන වුවමනාකම් මත සිදු කරන ලද බවටද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වීමට තව සති කිහිපයක් පමණක් පවතින පසුබිමක දිල්ලි මහ ඇමති මෙලෙස අත්අඩංගුවට ගෙන තිබීම විශේෂත්වයක්.

ඉන්දීය නීති බලාත්මක කිරිමේ ඒජන්සියේ විමර්ශන කණ්ඩායමක් විසින්  කෙජ්රිවාල් මහතාගේ නිවස සෝදිසි කර ඇති අතර  එම අවස්ථාවේදීම පොලිසිය විසින් එම නිවස වැටලීමට පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පෙන්වාදෙන්නේ, 2022 වසරේදි  දිල්ලි රජය විසින් ක්‍රියාත්මක කරන ලද මධ්‍යසාර විකිණීමේ ප්‍රතිපත්තියක් මඟින් පෞද්ගලික හිතවතුන්ට අනවශ්‍ය වාසි සලසා දුන් බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර ඇති බවයි.

අරවින්ද් කේජ්රිවාල් මහතා මෙම නඩුවට නිකුත් කරන ලද බොහෝ සිතාසි නොසලකා හැර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත්, මෙම අත්අඩංගුවට ගැනීම,  පාලක භාරතීය ජනතා පක්ෂයේ මජර දේශපාලනය ක්‍රියාත්මක කිරීමක් බව ආම් ආද්මි පක්ෂය (AAP) චෝදනා කරනවා.

ඔවුන් තවදුරටත් පවසන්නේ දිල්ලි මහ ඇමති කෙජ්රිවාල් නිදහස් කර ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හදිසි විභාගයක් ඉල්ලා සිටින බවයි.

ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් සහ මැයි මාසවලදී අදියර හතකින් පැවැත්වෙන අතර එහි ප්‍රතිඵල ජුනි 4 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ඡන්ද විමසීම ආසන්න වීමත් සමඟම අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂ රජය විසින් දේශපාලන අරමුණු සඳහා රාජ්‍ය ආයතන අවභාවිත කරන බවට විරුද්ධ පක්ෂ චෝදනා කර තිබුණා.

ආම් ආද්මි පක්ෂයේ නීති සම්පාදක සහ දිල්ලි සභාවේ ප්‍රධාන සංවිධායක දිලිප් පාණ්ඩේ බීබීසී වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත්තේ මෙම අත්අඩංගුවට ගැනීමෙන් අගමැති මෝදි කෙජ්රිවාල්ට බිය වී ඇති බව පෙන්නුම් කරන බවයි.

කේජ්රිවාල්ගේ අත්අඩංගුවට ගැනීමට සහ මෝදිගේ රජයේ අසාධාරණ ප්‍රතිපත්තිවලට එරෙහිව දිගි දිගටම සටන් කිරීමට සූදානම් බවද ඔහු පවසා තිබෙනවා.

ආම් ආද්මි පක්ෂයේ නායකයින් දෙදෙනෙකු වන සංජේ සිං සහ මනීෂ් සිසෝඩියාද පසුගිය වසරේ මෙම නඩුව  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

නිදහස් පක්ෂය නිදහස් වෙලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය අද (29) පෙරවරුවේ පොලිස් ස්ථානීය පරික්ෂණ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සඳහා විවෘත කරනු ලැබ තිබෙනවා. වැදගත් ලිපිගොනු කිහිපයක් අස්ථානගතවීම හේතුවෙන්...

ෆවුසිට නොතිසි

0
හිටපු ආපදා කළමනාකරණ අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව මැයි මස 22 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහාධිකරණය...

මෙරට ශ්‍රම බලකාය ගැන අනාවරණයක්

පසුගිය වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහත ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්කළ නවතම වාර්තාවකින් පෙන්නුම් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ දී...

POPULAR ARTICLES

චොප්පෙගේ පුතා මරදානේ ඩීන්ස් පාර වහලා අවුරුදු උත්සවයක් තියලා

0
කොළඹ ප්‍රධාන මාර්ගයක් වන මරදාන ඩීන්සා පාර සම්පූර්ණයෙන්ම වසා දමා අවුරුදු උත්සවයක් පැවැත්වීමට මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි...

පොලිසියේ පස්දෙනෙක්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

කන්තලේ භාරතීපුරම් ගම්මානයේදී මීට වසර 26කට පෙර නිරායුධ දෙමළ සිවිල් වැසියන් අටදෙනෙකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන...

රනිල් අවුරුදු කුමාරියන්ට තෑගි දෙන්න ගිහිල්ලා

මැද කොළඹ - සුදුවැල්ල බක්මහ උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී තිබෙනවා. මෙම වාර්ෂික බක්මහ උළෙල සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත්...