28.9 C
Colombo
Friday, April 26, 2024

රථගාලක් සෑදීමට ජේතවනාරාම පුදබිම වනසයි (වීඩියෝ)

- Advertisement -

අනුරාධපුරයේ ඓතිහාසික ජේතවනාරාම පුදබිමෙහි උතුරු දොරටුව ප්‍රදේශයේ රථගාලක් ඉදිකිරීමට යැයි පවසමින් බැකෝ යන්ත්‍ර යොදාගෙන පස් හාරා ඉවත්කර තිබෙනවා.

අඩි දෙකහමාරක් තුනක් පමණ ගැඹුරට මේ වන විටත් බැකෝ යන්ත්‍ර ආධාරයෙන් පස් හාරා ඇති අතර මේ හේතුවෙන් භූගත් ස්මාරකවල කොටස් ගැලවී එ්වාගේ පැරණි ගඩොල් කැබලිද ඉවතට පැමිණ ඇති බව පුරාවිද්‍ය නිලධාරීන් පවසනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදල පවසන්නේ මෙම ස්ථානයේ රථගාලක් ඉදිකිරීම සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අනුමැතිය ලබාදී ඇති බවයි.

නමුත් මේ ආකාරයෙන් විශාල බැකෝ යන්ත්‍ර යොදාගනිමින් පුරාවිද්‍යා භූමියේ පස් ඉවත්කිරීමට අවසර ලබා නොදුන්බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා.

ලෝකයේ උසම ස්ථූපය ලෙස සැලකෙන ජේතවනාරාම දාගැබ මහසෙන් රජ සමයේ නිර්මානය කරන ලද දැවැන්ත ඉදිකිරීමකි.

ජේතවනාරාමය නමින් හඳුන්වන ස්ථූපය පමණක් නොව එම ස්ථූපය කේන්ද්‍රකොටගෙන එහි අවට ඉදිකර තිබුණු ගොඩනැගිලි සහිත ආර්ථික සංකීරණය ජේතවනය ලෙස හඳුන්වනු ලබයි.

මෙම ස්ථූපය ගොඩොල්වලින් ඉදිකරන ලද්දක් වන අතර මෙය අක්කර 8 ක හතරැස් මළුවක පිහිටා ඇත.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...