31 C
Colombo
Saturday, July 27, 2024

එක ගුරුවරයෙක් ඇති කියලා කිව්වෙ නෑ – දිලුම්

- Advertisement -

දිවයිනටම එක ගුරුවරයෙකු ප්‍රමාණවත් බවක් තමන් ප්‍රකාශ නොකළ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

තමන් පැවසුවේ එක ශ්‍රේණියකට එක විශයක් සඳහා එක් ගුරුවරයෙකු සිටීම ප්‍රමාණවත් බවත් සූම් තාක්ෂණය ඔස්සේ එසේ සිදු කළ හැකි බවත් දිලුම් අමුණුගම මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (15) දින මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින්.

තමන්ගේ ප්‍රකාශයෙන් කොටසක් පමණක් මාධ්‍ය හරහා ප්‍රචාරය වීම හේතුවෙන් මෙසේ වැරදි වැටහීමක් ඇතිව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

කෙසේ නමුත්, තාක්ෂණික බාධාවන් හේතුවෙන් එය ප්‍රායෝගිකව සිදුකළ නොහැක්කක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

එමෙන්ම, බස් සංගම් පවා තමන් පවසන දෑ නිවැරදිව වටහාගන්නා පසුමබිමක ගුරු සංගම් තමන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් වැරදි වැටහීමක සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

ලෝකය පුරා ”අධික තාප වසංගතයක්”

වාර්තාගත ලෙස ලෝක උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින්, ලොව පුරා බිලියන සංඛ්‍යාත ජනතාවක් “අධික තාප වසංගතයක්” අත්විඳිමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ...

මෛත්‍රිගෙන් දයාසිරිට අභියෝගයක්

ඉදිරි අගෝස්තු 08 වන දින සමගි ජන බලවේගය සමග එක් වීමට දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් මේ වන විටත් ගිවිසුම්ගත වී සිටින අතර ඒ සම්බන්ධයෙන්...

අගමැති හදන්නේ විධායකයයි අධිකරණයයි අතර ගැටුමක් හදන්න-ඉරාන්

පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ...

POPULAR ARTICLES

අසාදු ලේඛනයට යන වාහන

පරිසරයට අහිතකර දුම් පිටවන වාහන 93ක් පමණ මේ වසර තුළ අසාදු ලේඛන ගත කර ඇති බව වායු විමෝචන භාරකාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්ෂ දසුන් ගමගේ...

අනුරගේ ප්‍රකාශයට හරින්ගෙන් පිළිතුරු ලිපියක්

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාර මහතාගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ...