වී වගා නොකරන කාලසීමාවේ දී ලාඕසයේ කුඹුරු ඉඩම් චීන ගොවීන් සහ සමාගම් වෙත බදුදීමට එරෙහිව ලාඕසයේ ගොවීහු විරෝධය පළ කරති.
ඔවුන් සදහන් කර ඇත්තේ ලාඕසයේ පළාත් පාලන ආයතන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලසීමාවේදී එරට ඇතැම් කුඹුරු ඉඩම් චීන ගොවීන්ට සහ සමාගම්වලට අතිරේක වගාවන් සිදුකිරීම සදහා බදු දෙන බවයි.
මේ හේතුවෙන් තම ඉඩම් විනාශ වී පස නිසරු වන හෙයින් එය නවතා දමන ලෙස ලාඕස ගොවීහු අවධාරණය කරති.
මේ අතර ඇතැම් ලාඕස වැසියන් අන්තර්ජාතික මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙලෙස වගාවන් සදහා පැමිණෙන චීන ජාතිකයන් විසින් විවිධ සංස්කෘතික සහ සමාජ ගැටලුද නිර්මාණය කර ඇති බවයි.