27 C
Colombo
Friday, May 3, 2024

විදේශිකයන්ව අල්ලන්න එපා! – චීන ජනතාවට දැනුම් දීමක්

- Advertisement -

විදේශිකයන්ව ස්පර්ෂ කිරීමෙන් වැළකී සිටින ලෙසට චීන සෞඛ්‍ය නිලධාරීන් එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.

පළමු වරට වඳුරු උණ ආසාදිතයෙක් වාර්තා වීමෙන් දිනකට පසුව චීනයේ ඉහළ පෙළ සෞඛ්‍ය නිලධාරියෙක් විසින් මෙලෙස එරට ජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

චීනයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ Wu Zunyou, සෙනසුරාදා Weibo සමාජ මාධ්‍ය වේදිකාවේ අදහස් පළ කරමින් කියා සිටියේ, එරටේ Covid-19 සීමා කිරීම් සහ පාලනයන් මේ වන විට වඳුරු රෝගය පැතිරීම වළක්වා ඇති බවයි.

පසුගිය දා චොංකිං හි නිරිතදිග මහ නගර සභා සීමාවෙන් වඳුරු උණ ආසාදනය වූ අයෙක් වාර්තා වූ අතර, එම පුද්ගලයා විදේශිකයෙක් හෝ චීන ජාතිකයෙක් දැයි ඔවුන් ප්‍රකාශ කර නොමැත.

උණ වැනි රෝග ලක්ෂණ සහ බිබිලි වැනි තුවාල ඇති කරන වඳුරු උණ වසංගතය, මැයි මාසයේ දී ලොව පුරා මතුවීමට පටන් ගත් අතර එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානවලට අනුව මේ වසරේ මේ දක්වා රෝගීන් 23,500 ක් වාර්තා වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හෙටින් ඇරඹේන පාසල් නිවාඩුව

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව පළමු වාරයේ...

බස් ගාස්තු සංශෝධනය වීමක් නැහැ

ඉන්ධන මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ පසුගිය 30...

අපිත් රැළිය පාරේ ගත්තනම් සෙනඟ පෙන්නන්න තිබුණා-නාමල්

මැයි රැළිය පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද මහා මාර්ගයක් තෝරා ගත්තා නම් සෙනඟ පෙන්වීමට හැකියාව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ශ්‍රී ලංකා...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන්...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...

පැදුරු පාටිය ඉල්ලා ASP නඩු මඟට?

TNL රූපවාහිනී නාලිකාවේ විකාශනය වූ “ASP පැදුරු පාටිය” නැමති වැඩසටහනේ විකාශන කටයුතු හදිසියේ නැවතීම සම්බන්ධයෙන් TNL සහ Supreme මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා...