25.8 C
Colombo
Wednesday, May 15, 2024

උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂා කරන්න වෛද්‍යවරුන්ට පුළුවන් – රුක්ෂාන් බෙල්ලන

- Advertisement -

උසස් පෙළ උත්තර පත්‍ර පරික්ෂා කිරීමට නොහැකි බව පවසන සියළු විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සේවයෙන් ඉවත් කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

1983 කළු ජුලිය සමයේ වර්ජනය කළ සියළු දෙනාම සේවයෙන් ඉවත් කළා මෙන් මෙම පිරිසද සේවයෙන් ඉවත් කරන ලෙසයි ඒ මහතා ඉල්ලා සිටින්නේ.

එම සංගමයේ සභාපතිවරයා සඳහන් කරන්නේ ඔවුන් වෙනුවට සුදුසුකම් ඇති වෙනත් පිරිසක් බඳවා ගැනීමට හැකියාව බවයි.

යම් හෙයකින් රජය උත්තර පත්‍ර පරික්ෂා කරන ලෙස වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළහොත් ඔවුන් ඒ සඳහා එක්වන බවද ඒ මහතා පවසනවා.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ආණ්ඩු මාරු කිරීමට කොන්ත්‍රාත් ලබා ගන්නා පිරිසක් බවත් ඔවුන් ඉල්ලීම් කළ පමණින් ජනාධිපතිවරයා හමුවන්නේ කුමකට බවත් ඔහු ප්‍රශ්ණ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

වීසා ගැටලුව ගැන සාකච්ඡාවට නිළධාරීන් ගිහින් නැහැ

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද...

රජයේ දේපළකට අයුතු ලෙස ඇතුළු වු 14දෙනා රිමාන්ඩ්

රජයේ දේපොළකට අයුතු ලෙස ඇතුළු වූයේ යැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරන ලද සැකකරුවන් 14 දෙනෙකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත...

වෙසක් සැරසිලිවලට ප්ලාස්ටික් තහනම්

එළඹෙන වෙසක් සමයේ සිදු කරන විවිධාකාර සැරසිලි සඳහා ප්ලාස්ටික් භාවිතා නොකරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙළඳපොළ නිරීක්ෂණය කරන විට පොලිතින් ප්ලාස්ටික් වලින්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...

ගෝඨාට පැනලා යන්න උදව් කළේ ජනතාවගේම හොඳට – මොහොමඩ් නෂීඩ්

පසුගිය අරගලය සමයේ මහජන විරෝධය මැද රටින් පළා ගිය එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ බිරිඳට මාලදිවයින් රාජ්‍ය තුළ තාවකාලික රැකවරණය සැපයීමට තමා කටයුතු...