28.7 C
Colombo
Wednesday, May 8, 2024

නුවර රථ පෙරහැර ගැන බොරු ප්‍රචාර එපා..! – ජනාධිපති මාධ්‍ය අංශය

- Advertisement -

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාරදීම වෙනුවෙන් පෙරේදා (02) මහනුවර ජනාධිපති මන්දිරය වෙත කැඳවා තිබුණා.

එම රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත සම්බන්ධයෙන් සමාජ මධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින තොරතුරු පිළිබඳ සහ එම කැඳවා ගැනීම සහ පොලිස් ආරක්ෂාව මැද රථ කිහිපයක් නුවර නගරයේ ගමන් කිරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබෙන බව පැවසේ.

ඒ වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනය පහළින්,

“ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාරදීම වෙනුවෙන් පසුගිය 0 2දා මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත සම්බන්ධයෙන් සමාජ මධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින සාවද්‍ය තොරතුරු පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව තිබේ.

මෙම අවස්ථාව සඳහා එකී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ ආරක්ෂාව සහිතව මෝටර් රථ මඟින් රැගෙන යාම ද යම් පිරිසකගේ විවේචනයට ලක්ව ඇත.

පෙබරවාරි 04 දිනට යෙදෙන 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ වැඩසටහන් ඇතුළු විශේෂ රාජකාරී කටයුතු කිහිපයක් එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී සංවිධානය කර තිබූ අතර ඊට සමගාමීව මෙම වැඩසටහන ද මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යෙදිණි.

1961 වසරේදී ඇතිකරගත් ලද රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ වියානා සම්මුතිය ඇතුළුව ලෝකයේ ශිෂ්ට සම්පන්න රටවල සම්ප්‍රදායට ගරු කරමින් තානාපතිවරුන් , මහකොමසාරිස්වරුන් අක්ත පත්‍ර පිරිනැමීමට පැමිණීමේදී ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලබාදීම කවර ආණ්ඩුවක් පැවතිය ද ශ්‍රී ලංකා රජ්‍යයේ වගවීමක් මෙන්ම වගකීමක් ද වේ.

එවැනි පසුබිමක ජනතාව නොමඟ යවන ආකාරයේ සාවද්‍ය තොරතුරු සමාජගත කිරීමට දරන උත්සාහය ජනාධිපති කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරයි.

  • ජනාධිපති මාධ්‍ය අංශය

RECENT ARTICLES - SINHALA

දුම්රිය ප්‍රතිව්‍යුහගත යෝජනා මසක් තුළ කැබිනට්ටුවට

දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මාලාව ඉදිරි මාසය ඇතුළත කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් රංජිත් රූබසිංහ මහතා සඳහන්...

එක්ස්ප්‍රස් පර්ල් නැවේ අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් විනිසුරුවරයෙකු ඉවත් වෙලා

කොළඹ වරාය මුහුදු සීමාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාගය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින්...

විදුලි බිල අඩු කිරීමේ යෝජනා 10 වැනි දාට පෙර ලබා දෙන්න

විදුලි බිල අඩු කිරීමේ යෝජනා ලබන 10 වැනි දාට පෙර ලබා දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. කොමිසමේ ප්‍රකාශකයෙකු...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

හෙද සේවය ඇතුළු සෞඛ්‍ය සේවාවල විශ්‍රාම වයස් සීමාවේ වෙනසක්

හෙද කාර්ය මණ්ඩලයේ ඇතුළු ඇතැම් සෞඛ්‍ය සේවාවල විශ්‍රාම යාමේ වයස අවුරුදු 61 දක්වා දිර්ඝ කරන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව...