25 C
Colombo
Saturday, March 25, 2023

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් බන්ධනාගාරගත කරන්නේ නෑ

- Advertisement -

තරුණ පරපුර මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීම පාලනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සැලසුම් කිරීමට නියමිත බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, අංශ තුනක් යටතේ එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය සරත් වීරසේකර මහතා එම අදහස් පළ කරන ලදි.

“අපේ බාල පරපුර ඉතාම පැහැදිලි ලෙස මේ මත්කුඩු උවදුරට ගොඳුරු වෙනවා. කොටස් තුනකින් තමයි එය නැතිකරන්න බලාපොරොත්තු වෙන්නේ. එකක් තමයි භෞතිකව මේ රට තුළට එන මත්ද්‍රව්‍ය පුළුවන් තරම් අපි නතර කිරීමට බලනවා. අපි දන්නවා ඒවා නිෂ්පාදන වෙන්නේ බොහෝ දුරට ඇෆ්ගනිස්ථානයෙන්. ඒවා පකිස්තානය සහ ඉරානය හරහා තමයි එන්නේ.

ඒ මුහුදු මාර්ග අපි දැනගෙන ඒ මුහුදු මාර්ගවලට නාවික හමුදා නෞකා ස්ථාපිතකරලා ඒවා භෞතිකව නතර කරනවා. දෙවෙනි එක තමයි ඉල්ලුම අඩුකරන්න ඕනේ. ඉල්ලුම අඩුකරන්න නම් පාසල්වල අපි කමිටු හදනවා හෙට අනිද්දා වෙනකොට. ඒ තුළින් ඒ ඇබ්බැහිවෙන්නන් සහ මත් උවදුරේ ඇති භයානක කම ගැන උපදේශනයක් දෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි මීට පස්සේ ඇබ්බැහිවෙන අය කවදාවත් අපි බන්ධනාගාර ගත කරන්නේ නැහැ. ඒ අයව පුනරුත්ථාපනය කරනවා.“යැයි ඔහු පවසයි.

RECENT ARTICLES - SINHALA

චීනයෙන් තවදුරටත් ණය ගැනීම සිදු නොකළ කළ යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි

0
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් තවදුරටත් චීනයෙන් ණය ලබා ගැනීම සිදු නොකළ යුතු බව හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි...

මහ බැංකු අධිපතිට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන්ගෙන් ස්තුතිය

0
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊයේ (24) දිනයේ ස්තුතිය පළකර තිබෙනවා. ඒ...

යළි වාහන ආනයනයට අවසර දෙන්න – වාහන ආනයනකරුවන්

0
වාහන ආනයනය සඳහා අවශ්‍ය පහසුකම් සලසන මෙන් ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. එම සංගමයේ ලේකම් ප්‍රසාද්...

RECENT ARTICLES - ENGLISH

‘Prophet’ Uebert Angel involved in gold smuggling scheme

0
One of Zimbabwe’s most influential diplomats, Uebert Angel, offered to use his status to launder millions of dollars through a gold-smuggling scheme,...

IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha

0
SJB MP Dr. Harsha de Silva alleged President Ranil Wickremesinghe has not tabled the Letter of Intent with regard to the IMF...

Andrew Tate to spend another month behind bars

0
Controversial influencer Andrew Tate and his brother Tristan will remain in custody in Romania for a fourth consecutive month, a court has...