31 C
Colombo
Wednesday, March 29, 2023

වරාය සටන ශ්‍රේෂ්ඨාධිකරණයට?

- Advertisement -

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය අන්සතු කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට වරාය වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.


නැගෙනහිර පර්යන්තයේ විශාල කොටසක් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට ආණ්ඩුව ගත් තීරණය වෙනස් නොමැති බවට ජනාධිපතිවරයා හා කැබිනට් කමිටුව අතර සාකච්ඡාවලදී පෙනීයාමෙන් පසු මෙම සාකච්ඡාව ආරම්භ වී යැයි වෘත්තිය සමිති නායකයෙක් ‘නිව්ස් 19’ ට පැවැසීය.


ජනාධිපතිවරයා හා වෘත්තිය සමිති නායකයන් අතර පැවැති සාකච්ඡා අසාර්ථකවීමෙන් පසුව කැබිනට් කමිටුව හා නැවත සාකච්ඡාවක් ඊයේ(17) පෙරවරුවේ පැවැත් වූ නමුත් ඊට කමිටු සාමාජිකයන් හය දෙනාගෙන් දෙදෙනකුම සහභාගී වී නැත.


වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක හා වරාය අමාත්‍යාංශ ලේකම් යූ.ඩී.සී ජයලාල් යන මහත්වරුන් පමණක් මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර එම සාකච්ඡාව ද අසාර්ථක වූ බව වෘත්තිය සමිති නායකයෝ පැවැසූහ.


පර්යන්තයෙන් 49% ක් අදානි සමාගමට පැවරීමට ආණ්ඩුව දැඩි ස්ථාවරයක සිටින්නේ යැයි ද වෘත්තිය සමිති සිටින්නේ පර්යන්තය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරිය සතු විය යුතුය යන ස්ථාවරයේ යැයි ද ආණ්ඩුව නියෝජනය කරන වෘත්තිය සමිතියක් වන ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කලුතරගේ මහතා සාකච්ඡා අවසන්වීමෙන් පසුව මාධ්‍යට පැවැසීය.


වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම මහතා පැවැසුවේ ඉන්දියාවේ වැඩිවන බහලුම් ප්‍රමාණය අනුව කිසි අවස්ථාවක ඉන්දියාවට ලංකාව මගහැර යා නොහැකිව තිබියදී විෂය භාර ඇමැති රෝහිත අබේගුණවර්ධන සාවද්‍ය කරුණු ඇතුලත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අදානි සමාගමට වරායේ කොටසක් පැවැරීමට යෝජනා කිරීම බරපතල කරුණක් බවයි.


මෙම තත්ත්වය මත ආණ්ඩුවේ අභිලාශය පැහැදිලි බැවින් තවදුරටත් සාකච්ඡා කිරීම පල රහිත ක්‍රියාවක් සේ පෙනීයන්නේ යැයි ද ඒ අනුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා සාකච්ඡාවක් ආරම්භ කළේ යැයි ද එම වෘත්තිය සමිති නායකයා ‘නිව්ස් 19’ ට පැවැසීය.

RECENT ARTICLES - SINHALA

මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහි පෙත්සම් දෙකක් හෙට කැඳවයි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට (30) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ...

නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා එක් කළ පාසලක්..!

0
සිය නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියට පරිඝණක ක්‍රීඩා ද ඇතුලත් කිරීමට ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලය කටයුතු කර තිබෙනවා. මෙවර 12 සහ 13...

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...